Lathawenne Mokada Song Lyrics - ලතවෙන්නේ මොකද අනේ ගීතයේ පද පෙළ

Lathawenne Mokada Song Lyrics - ලතවෙන්නේ මොකද අනේ ගීතයේ පද පෙළ

Lathawenne Mokada Song Lyrics - ලතවෙන්නේ මොකද අනේ ගීතයේ පද පෙළ
Song Title : Lathawenne Mokada (ලතවෙන්නේ මොකද අනේ)
ගායනය : ඉන්ද්‍රානි විජේබණ්ඩාර (සේනාරත්න) සමග එච්.ආර්. ජෝතිපාල සහ පිරිස පිරිස කාන්තා, පිරිස පුරුෂ
පද : කරුණාරත්න අබේසේකර
තනුව : බී.එස්. පෙරේරා
1962 දී තිරගතවූ "සංසාරේ" චිත්‍රපටියේ ගීයකි.


ලතවෙන්නේ මොකද අනේ
ඕවා ලොකු වැඩ ද පණේ ....//

පාඩු වෙන්නේ
ලාභ වෙන්නේ
අපටමයි මිතුරේ
හොහො හොහො හොහො හොහො හෝ.....

පාඩු වෙන්නේ
ලාභ වෙන්නේ
අපටමයි මිතුරේ
හො හොහො හොහො

ලෝකෙ ආවත් පෙරළීලා
කාලා බීලා හිනැහිලා ....//

ඉන්න ටික කාලේ (හහ් හහ් හහ් හහ් හහ් හා..)
ඉඳිමු ඔය තාලේ (හහ් හහ් හහ් හහ් හහ් හා..) .....//

බලන්න මල් දෙකක් වැලේ පිපී තිබෙයි (හෝ..)
එයින් එකක් හෙමින් මගේ දිහා නැමෙයි (හොහෝහො හෝ..) ....//

හොරෙන්ම දෙන්නා
ළඟින්ම ඉන්නා
පුහුල් හොරා මෙසේ සිටිත් කරෙන් දැනේ ..//

අනංගයාගෙන්
වරම් ලැබීමෙන්
සැපෙන් විනෝදෙන්
සුවෙන් වෙසේවා

අනංගයාගෙන්
වරම් ලැබීමෙන්
සැපෙන් විනෝදෙන්
සුවෙන් වෙසේ

බලන්න මල් දෙකක් වැලේ පිපී තිබෙයි (හෝ..)
එයින් එකක් හෙමින් මගේ දිහා නැමෙයි (හොහෝහො හෝ..)

හොරෙන්ම දෙන්නා
ළඟින්ම ඉන්නා
පුහුල් හොරා මෙසේ සිටිත් කරෙන් දැනේ ..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment