Lapa Nathi Sandak Song Lyrics - ලප නැති සඳක් ගීතයේ පද පෙළ

Lapa Nathi Sandak Song Lyrics - ලප නැති සඳක් ගීතයේ පද පෙළ
Song Title : Lapa Nathi Sandak (ලප නැති සඳක්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : මහින්ද දිසානායක
තනුව හා සංගීතය : නවරත්න ගමගේ

ශ්‍රී ලංකා රූපවාහිනී සේවයෙන් විකාශය වූ "ආඥාදායකයාගේ සිහිනය" ටෙලි නාට්‍යයේ තේමා ගීතයයි.
2001 වසරේදී මෙම ගීතය, “පාරු පාලමෙන්” සංයුක්ත තැටියට හා කැසට් පටයටත්, 2004 වසරේදී “සඳ එළියෙන් දෝතක්” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.



ලප නැති සඳක්
ඇති නිලඹරක්
කිකලෙක නමුත්
දුටුවෙද ඔබත්
දුටුවෙද ඔබත්

සඳරැසින් පිපි
මලක් වනු මිස
නොපතන්න ඒ සා පුර හඳක්
පුර හඳක්

ඇද නැති ගඟක්
නිල් දියවරක්
ගැලුවා ද දී
රසඳුනක්
ගිලී දිය සනහා නිවෙනු මිස

නොසොයන්න ඒ සා ගඟ දියක්
ගඟ දියක්

මඩ නැති විලක්
මත සියපතක්
පිපුණා ද කවදා කොතැනකවත්

රැඳි සුවඳ මුව ළඟ විඳිනු මිස
නොසොයන්න ඒ සා සියපතක්
සියපතක්

ලප නැති සඳක්
ඇති නිලඹරක්
කිකලෙක නමුත්
දුටුවෙද ඔබත්
දුටුවෙද ඔබත්

සඳරැසින් පිපි
මලක් වනු මිස
නොපතන්න ඒ සා පුර හඳක්
පුර හඳක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lapa Nathi Sandak Song Lyrics - ලප නැති සඳක් ගීතයේ පද පෙළ Lapa Nathi Sandak Song Lyrics - ලප නැති සඳක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 27, 2021 Rating: 5

0 comments:

Post a Comment