Kumari Babasara Song Lyrics - කුමරි බඹසර ගීතයේ පද පෙළ

Kumari Babasara Song Lyrics - කුමරි බඹසර ගීතයේ පද පෙ
Song Title : Kumari Babasara (කුමරි බඹසර)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : පූජ්‍ය කවි කීර්ති හිමි
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


කුමරි බඹසර සොය සොයා
සිරියහන් ගැබ රිදවනා
කුමර බඹසර නෑ කතා
ලොවට එය අමතක වෙලා ...//

ධවල පිරුවට ගැන අසා
කුමට තව තව චෝදනා
නුඹම සිසි බඹරෙකු වෙලා
නැතිද බඹසර රොන් උරා

කුමරි බඹසර සොය සොයා
සිරියහන් ගැබ රිදවනා
කුමර බඹසර නෑ කතා
ලොවට එය අමතක වෙලා

පිපෙන පෙති මත තුඩු තියා
ගය ගයා පෙම් බස් මුසා
කුමරි බඹසර සොයන දා
කුමර බඹසර ගිලිහිලා

කුමරි බඹසර සොය සොයා
සිරියහන් ගැබ රිදවනා
කුමර බඹසර නෑ කතා
ලොවට එය අමතක වෙලා

කුමර බඹසර නෑ කතා
ලොවට එය අමතක වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment