✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- ජෙලි පැකට් 1
- ෆ්‍රෙශ් මිල්ක් 250 ml
- උණු වතුර 250 ml
- ස්ප්‍රින්කල්ස් සහ එඩිබල් බීඩ්ස් ටිකක්
✅ සාදා ගන්නා ආකාරය :
- මුලින් බෝල් එකකට ජෙලි පැකට් එක සහ උණු වතුර දමා දිය කරන්න . පසුව නිවෙන්න තබා ශිත කරනයේ තබන්න සෙට් වෙන්න.
- ෆ්‍රෙශ් මිල්ක් ශිත කරනයේ තබන්න කූල් වෙන්න.
- පැයකට (පැය - 1) පසු දෙකම එලියට ගෙන බ්ලෙන්ඩර් එකට දමා ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරන්න.
- පසුව වීදුරු වලට දමා උඩින් වසා නැවත ශිත කරනයේ තබන්න සෙට් වෙන්න. පැයක් (පැය - 1) පමණ ගතවේ.
- කැමති විදියට උඩ සරසා ගන්න . මම නම් උඩට ස්ප්‍රින්කල්ස් සහ එඩිබල් බීඩ්ස් දැම්මා.
ධම්මිකා පනංගල (Dhammika Panangala)
0 comments:
Post a Comment