Song Title : Isurumuniyaka Thiya Ma (ඉසුරුමුණියක තියා මා)
ගායනය : ජානක වික්රමසිංහ
පද : සිසිර දිසානායක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ඉසුරුමුණියක තියා මා
ඉසුරු පුරයක ගියාදෝ ඔබ
පුද බිමකි අද ඉසුරුමුණියම
ආදරේ නාමෙන්
ඉසුරුමුණියක තියා මා
රළුව නැඟි පව්වේ
නෙළාලා ආදර හැඟුම් ...//
මංමුලා කර ගියේ ඇයිදෝ
ඉසුරුමුණියෙම පොකුණු පිරුණයි
මගේ උණු කඳුළින්
ඉසුරුමුණියක තියා මා
ඉසුරු පුරයක ගියාදෝ ඔබ
පුද බිමකි අද ඉසුරුමුණියම
ආදරේ නාමෙන්
ඉසුරුමුණියක තියා මා
නිහඬ මුනි අරණේ
මවාලා රන්මසු උයන් ...//
මාව හැරදා ගියේ ඇයිදෝ
හද දවාලන සුසුම් කැළඹෙයි
තිසා වැව් සුළඟින්
ඉසුරුමුණියක තියා මා
ඉසුරු පුරයක ගියාදෝ ඔබ
පුද බිමකි අද ඉසුරුමුණියම
ආදරේ නාමෙන්
ඉසුරුමුණියක තියා මා
0 comments:
Post a Comment