Issara Man Giya Pasala Arila Song Lyrics - ඉස්සර මං ගිය පාසැල ඇරිලා ගීතයේ පද පෙළ

Issara Man Giya Pasala Arila Song Lyrics - ඉස්සර මං ගිය පාසැල ඇරිලා ගීතයේ පද පෙළ
Song Title : Issara Man Giya Pasala Arila (ඉස්සර මං ගිය පාසැල ඇරිලා)
ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ
සංගීතය : එච්.එම්.ජයවර්ධන
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී


ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා

ගහකොළ සෙළවී ඔහු දෙස බැලුවා
බිම් මල් හිනැහී හිස වැනුවා
ඒ දඬුමංකඩ තිත්ත පැටවු රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුනා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැළ පේලි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැගුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට සිතුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment