Ingi Bingi Karana Song Lyrics - ඉඟි බිඟි කරණා ගීතයේ පද පෙළ

Song Title : Ingi Bingi Karana (ඉඟි බිඟි කරණා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි


ඉඟි බිඟි කරණා
තරු නෙතු වලට හොරා
සැඟව සිනාසෙමු
අපි ලොව හිඳින තුරා ...//

ගිවිසා ගත්තෙමු වෙන්ව නොයන සේ
අප දෙදෙනා හැරදා
ඔබට කලින් මා මටද කලින් ඔබ
කිසිම දිනෙක හෝ අපට හොරෙන්

ඉඟි බිඟි කරණා
තරු නෙතු වලට හොරා
සැඟව සිනාසෙමු
අපි ලොව හිඳින තුරා

ගිවිසා ගත්තෙමු වෙන්වී යන සේ
අප දෙදෙනා භවයේ
මා මිය යන දින
ඔබ මිය යන දින
එක මොහොතක් ලෙස මතු දවසේ

ඉඟි බිඟි කරණා
තරු නෙතු වලට හොරා
සැඟව සිනාසෙමු
අපි ලොව හිඳින තුරා ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment