ඉඹුල් (Ibul - Salmalia Malabarica)

ඉඹුල් (Ibul - Salmalia Malabarica) - Your Choice Way
Salmalia Malabarica
Salmalia Insignis
Caiba Pentandra

🌿 යටකී ඉඹුල් විශේෂ තුන ලංකාවේ වැවේ. මුල් විශේෂ දෙක කටු ඉඹුල් යනුවෙනුත් අනෙක් විශේෂය පුලුන් ඉඹුල් යනුවෙනුත් හැඳින්වේ. 

🌿 මේ වි‍ශේෂ තුනම අඩි 40- 80 පමණ උසට වැඩේ. ගසේපොත්තෙහි කටු ඇත. පත්‍ර සංයුක්තයි. එහි පත්‍රිකා 5-8 දක්වා ප්‍රමානයක් ඇත. පෙබරිවාරි - අප්‍රේල් අතර කාලයේ පත්‍ර හැලී යයි. 

🌿 ඵලය අඟල් 6-10 පමණ දිගය. එය කොල පා ටය. එය තර්කුරූපීය හෙවත් දෙකොන උල් වූ ස්ඵෝටිකායකි. මේ ශාක වල ඇට පුළුන් වලින් වැසී තිබේ. මෘදු වූ ලීය සුදු පාටය.

🌿 ඉඹුල් ලංකා ව, ඉන්දියාව, බුරුමය, සුමාත්‍රා හා පිලිපීනය ආදී රටවල වැවේ. පිලිපීනය ඉඹුල් පුළුන් විශාල ලෙස අපනයනය කරයි. 

🌿 ඉඹුල් ඇට වලින් සිඳගන්නා තෙල් සබන් තැනීමට ගනු ලැබේ. ඉඹුල් දලු පිලිපීනයේ ව්‍යාංජන සඳහා භාවිතාවේ. 

🌿 ඒවායේ කැල්සියම් සහ යකඩ සැලකිය යුතු ප්‍රමානයක් ඇත. 

🌿 ඉඹුල් බොම්බකාසේ කුලයට අයත්ය.

🌿 ඖෂධීය වටිනාකම රතු මල් හටගන්නා ඉඹුල් විශේෂය කටු ඉඹුල් ලෙසත්, සුදු මල් හටගන්නා විශේෂය එල ඉඹුල් ලෙසත් හැඳින්වේ. 

🌿 ඉඹුල් ශාකයට “ශාල්මලී“ යන නමද ව්‍යවහාර වේ. ඉඹුල් ශීතලය. ශුක්‍ර හා සෙම වර්ධනය කරයි. ශරීර ශක්තිය වඩයි. සිරුර තර කරයි. රත්පිත නසයි. ඉඹුල් මැලියම් කසටයි. 

🌿 මල බද්ධය ඇති කරයි. ධාතු වර්ණ හා නුවණ වඩයි. තරුණ බව රැක දෙයි. වාතය නසයි.

🌿 අතීසාර රුධිර දෝෂ හා පිත් නිසා ඇතිවන දැවිල්ල නැති කරයි. 

🌿 ඉඹුල් පොතු වණ සුව කරයි. මෙහි මුල්, නැටි හා මල් අතීසාර, රත්පිත් ඔසප් රෝග හා විෂ ශරීරගත වීම ආදියට දෙනු ලබන ඖෂධ වලට එකතු කරනු ලැබේ.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි. සරත් රණවීර සහ රේඛා රණවීර සේයාරූ අන්තර්ජාලයෙන්.
ඉඹුල් (Ibul - Salmalia Malabarica) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment