Hitha Heela Naa Song Lyrics - හිත හීලෑ නෑ ගීතයේ පද පෙළ

Hitha Heela Naa Song Lyrics - හිත හීලෑ නෑ ගීතයේ පද පෙළ
Song Title : Hitha Heela Naa (හිත හීලෑ නෑ)
ගායනය : බන්දුල විජේවීර
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා ...//

හිත ඉගිලෙනවා කාශ්මීරයේ සුදු හිම කඳු අතරේ
මා තනි වෙනවා
පායුග දවනා නිරුදැක වැලි කතරේ

හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා

මා සැනහෙනවා මා ප්‍රිය ළඳගේ බැඳි සැනසුම් සිසිලේ
හිත හිනැහෙනවා
මා මගතොටදී දුටු ළඳ මුව මඬලේ

හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා
හිත හීලෑ නෑ

මෙහි මුල් රචනාවේ පහත කොටසද තිබුණේ නමුත් එකී කොටස ඇතුළත් ගායනයක් මෙතෙක් සොයා ගත නොහැකි විය. හමුවූ විට උත්පතනය කරමි.

මා සැනහෙනවා මා ප්‍රිය ළඳගේ මුදු උණුසුම් උකුළේ
හිත හිනැහෙනවා
මා මගතොටදී දුටු ළඳකගෙ තුරුලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment