හබල පෙති පිට්ටු හදමු (Habala Pethi Pittu Hadamu)

හබල පෙති පිට්ටු හදමු (Habala Pethi Pittu Hadamu) - Your Choice Way

අද මම රෑට කන්න හැදුවා රසම රස වගේම ගුණ කැමක් . හබල පෙති පිට්ටු . ඩයට් කරන අයටත් හොඳයි . හරිම ලෙහෙසියි හදන්න . හදලා බලන්න කෝ . මම පිට්ටු කන්න  හැදුවා කිරි හොද්දක් සහ උම්බලකඩ දාපු සම්බලක්. 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හබල පෙති  කප් 2   
  • පොල් කප් 1
  • ලුණු ටිකක් 
  • වතුර ටිකක්  (කැට සාදා  ගැනීමට )

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව හබල පෙති ග්‍ර්රයින්ඩ් එහෙක දමා ග්‍ර්රයින්ඩ් කරන්න පිටි වනතුරු .
  2. භාජනයක් ගෙන එයට පිටි කරගත් හබල පෙති පිටි , පොල් ,  ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
  3. දැන් වතුර ඉසිමින් පිට්ටු කැට සාදා ගන්න .
  4. පසුව පිට්ටු කැට තම්බා ගන්න . පිට්ටු බම්බුවක් නැති අය  රයිස් කුකර් එකේ ස්ටීමර් එකට සවියට් එකක් දමා තම්බා ගන්න.
  5. පසුව එම තැම්බු පිට්ටු කුමන හෝ කප් එකක් ගෙන එය වතුරින් තෙමා පිට්ටු දමා හැන්දකින් තද කර පිගානක් මත තබන්න. මම ගත්තේ වීදුරු අයිස් ක්‍රීම් කප් එකක් . 
  6. හැබැයි  එක පිට්ටුවක් තබා අනිත් එකට කප් එක වතුරින් තෙමිය යුතුයි . මෙලෙස කරන්න . පිට්ටු 4 ක් හැදුවා .  
හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න.හදලා බලන්න කෝ.Dhammika Panangala (ධම්මිකා පනංගල)

හබල පෙති පිට්ටු හදමු (Habala Pethi Pittu Hadamu) - Your Choice Way

හබල පෙති පිට්ටු හදමු (Habala Pethi Pittu Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment