✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- හබල පෙති කප් 2
- පොල් කප් 1
- ලුණු ටිකක්
- වතුර ටිකක් (කැට සාදා ගැනීමට )
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව හබල පෙති ග්‍ර්රයින්ඩ් එහෙක දමා ග්‍ර්රයින්ඩ් කරන්න පිටි වනතුරු .
- භාජනයක් ගෙන එයට පිටි කරගත් හබල පෙති පිටි , පොල් , ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
- දැන් වතුර ඉසිමින් පිට්ටු කැට සාදා ගන්න .
- පසුව පිට්ටු කැට තම්බා ගන්න . පිට්ටු බම්බුවක් නැති අය රයිස් කුකර් එකේ ස්ටීමර් එකට සවියට් එකක් දමා තම්බා ගන්න.
- පසුව එම තැම්බු පිට්ටු කුමන හෝ කප් එකක් ගෙන එය වතුරින් තෙමා පිට්ටු දමා හැන්දකින් තද කර පිගානක් මත තබන්න. මම ගත්තේ වීදුරු අයිස් ක්‍රීම් කප් එකක් .
- හැබැයි එක පිට්ටුවක් තබා අනිත් එකට කප් එක වතුරින් තෙමිය යුතුයි . මෙලෙස කරන්න . පිට්ටු 4 ක් හැදුවා .
හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න.හදලා බලන්න කෝ.Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment