ඇත්අඩි ([Ethadi] Elephantopus Scaber)

ඇත්අඩි ([Ethadi] Elephantopus Scaber) - Your Choice Way
🌿 ඇත්අඩි පොළවෙන් සෙ.මි 10-15 පමණ උසට වර්ධනය වන කුඩා දේශීය පැළෑටියකි. 

🌿 කඳට තදින් ඇලුනු සුදු පැති දෘඩ රෝම පවතී. පස තදින් අල්ලා සිටින මුදුන් මුලක් සහ කුඩා මුල් රැසක් සහිතයි. 

🌿 අණ්ඩාකාර හෝ ආයත පත්‍රයක් සෙ.මි. 10-20 අතර දිගය. පත්‍රවල දෙපැත්තේම බූව ඇත. 

🌿 පත්‍ර තලය රළු ස්වභාවයක් ගනී පත්‍ර දාරය සභං ග - කරපත්‍රික වේ. පත්‍ර 8-10 පමණ එක්ව සෙව්වන්දියක් ආකාරයට පිහිටයි. 

🌿 පුෂ්ප මංජරිය ශිර්ෂකයකි. එහි ළා දම්පාට මල් රැසක් හට ගනී. 

🌿 ඇත්අඩි ඵලය චර්මලයකි. එය වියළුන පසු වාතය මගින් බීජ ව්‍යාප්තවේ. ඒ සඳහා උපකාර වන කෙඳි කුඩම්බියක් සහිත බූමණියක් ඊට ඇත. 

🌿 ඇත් අඩි Asteraceae උද්භිද කුලයට අයත් පැළෑටියකි.

🌿 ඇත්අඩි විවිධාකාරයෙන් අන්‍ය ඖෂධ ශාක සමග සංයෝග කොට ප්‍රතිකාර කෙරෙන රෝගාබාධ වන්නේ අතීසාරය, කැස්ස, රත්තවාතය ඇතුළු ලේ දෝෂ සහ තදබල උණ යනාදිය යි. 

🌿 දේශීය වෛද්‍යවරුන් ඔඩු වණ පිළිකා සඳහා යොදන තෙල් වර්ගවලට මෙන්ම බාහිර ආලේපන ලෙස ස්වරස හා මැල්ලුම් සඳහා ද යොදා ගනී.

🌿 ඇත්අඩි කො ල තැම්බූ ජලය තුවාල සේදීමට භාවිතා කරයි, කොළ යුෂ තුවාලවල ආලේප කිරීම හා කොළ අඹරා ඒවායේ පැලැස්තර යෙදීමද සිදු කරයි. හදිසි තුවාලයක් වූ විට ලේ ගැලීම නැවැත්වීමට ඇත්අඩි කොළ හෝ සම්පූර්ණ ශාකයම කොටා මිරිකා ගත් යුෂ ආලේප කළ යුතුය. ඇත්අඩි වාතය හටගන්වන, සෙම් පිත් නසන ඖෂධයක් ලෙස දක්වා ඇත.

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය සහ "ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක" කෘත
ඇත්අඩි ([Ethadi] Elephantopus Scaber) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇත්අඩි ([Ethadi] Elephantopus Scaber) ඇත්අඩි ([Ethadi] Elephantopus Scaber) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2021 Rating: 5

0 comments:

Post a Comment