බිත්තර රහිත කිරි පුඩිම හදමු (Eggless Milk Pudding)

බිත්තර රහිත කිරි පුඩිම හදමු (Eggless Milk Pudding) - Your Choice Way

මම අද ඔයාලාට අරගෙන ආවේ අමුද්‍රව්‍ය 03 කින් හරිම ඉක්මනට බිත්තර නැතිව හදන රසම රස Milk Pudding එකක්. අපි බලමු මේ පුඩින් එක හදන්න අපිට මොනවාද අවශ්‍ය කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥛 එළකිරි 1cup
  • 🍶 කොන් ෆ්ලා 2 tbsp (මේස හැදි)
  • 🧂 සීනී රස අනුව

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින් භාජනයකට කිරි හා සීනී එක්කර හොදින් කලවම් කරමින් අඩු ගින්දරේ නටවගන්න.
  2. ඉන්පසු වතුර ස්වල්පයකට හෝ උණු නැති කිරි  ස්වල්පයකට කොන් ෆ්ලා ටික දමා හොදින් දිය කරගන්න.  (💡 උණු කිරිවලට කෙලින්ම කොන්ෆ්ලා එකතු කළොත් කොන්ෆ්ලා ටික කැටි ගැසේ.)
  3. ඉන්පසු එම කොන්ෆ්ලා මීශ්‍රනය කිරිවලට එකතු කර නොනවත්වා උකුවන තෙක් හොදින් කලවම් කරන්න.
  4. දැන් එම උකු වු මීශ්‍රනය ඔබ කැමති විවිධ හැඩ සහිත භාජනවලට දමා නිවෙන්න තබා Fridge එකේ පැය 2ක් පමණ තබා ගන්න.
අපිට මේ Basic milk pudding එකට චොක්ලට්, පළතුරු වර්ග එකතු කර විවිධ pudding වර්ග පිළියෙල කරගන්න පුළුවන්.
බිත්තර රහිත කිරි පුඩිම හදමු (Eggless Milk Pudding) - Your Choice Way

හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්..

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිත්තර රහිත කිරි පුඩිම හදමු (Eggless Milk Pudding) බිත්තර රහිත කිරි පුඩිම හදමු (Eggless Milk Pudding) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2021 Rating: 5

0 comments:

Post a Comment