Domba Mal Kalawe Song Lyrics - දොඹ මල් කැලෑවේ ගීතයේ පද පෙළ

Domba Mal Kalawe Song Lyrics - දොඹ මල් කැලෑවේ ගීතයේ පද පෙළ
Song Title : Domba Mal Kalawe (දොඹ මල් කැලෑවේ)
ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
ගී පද : වසන්ත බණ්ඩාර දිසානායක


දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න
ලංවී ලඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ //

රෑ පිණි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
දුක් දොරකඩින් හෙට දිනේ

දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න
ලංවී ලඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ

කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා
පෑතුන් සඳක් නිසරු අහසේ පිපේවා
කටුවැට උඩින් පායලා

දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න
ලංවී ලඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment