Dawulak Gena Sabayata Ena Song Lyrics - දවුලක් ගෙන සබයට එන ගීතයේ පද පෙළ

Dawulak Gena Sabayata Ena Song Lyrics - දවුලක් ගෙන සබයට එන ගීතයේ පද පෙළ
Song Title : Dawulak Gena Sabayata Ena (දවුලක් ගෙන සබයට එන)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : සමුද්‍ර වෙත්තසිංහ
තනුව හා සංගීතය : ආනන්ද පෙරේරා
2011 වසරේදී නිකුත්වූ “මල් වැහි පොද” සංයුක්ත තැටියට ඇතුළත් වූ ගීයකි.


දවුලක් ගෙන සබයට එන
අණ බෙර කෝලමට නටන
රඟමඬලේ නුඹට තනිද පනික්කි රාළේ
මුතු ඇට කොයි
මුතු ඇට කොයි විසිරුණා ද නුඹෙ මුතු මාලේ ....//

මනමේ සඳ කිඳුරු ගැටව්
ආඬි ගුරා ගුරුළු පැටව් ....//

ශිල්ප දිදී නුඹ හැදුවේ තාත්තෙක් වගේ
පිට දේශක්කාර නැටුම් උන්ට අද අගේ

නුඹ ඇඳි කෝලම් මූණක
සිනහවක් නැඟේ තොල් අග ....//

කෝලම් කාරයො හිටියත් වේදිකා අරා
නුඹේ තාල තාම ඇහෙයි රෑට ගම පුරා

දවුලක් ගෙන සබයට එන
අණ බෙර කෝලමට නටන
රඟමඬලේ නුඹට තනිද පනික්කි රාළේ
මුතු ඇට කොයි
මුතු ඇට කොයි විසිරුණා ද නුඹෙ මුතු මාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment