මම අද හවස ☕ වෙලාවට බොන්න රසවත් බීම එකක් හැදුවා . කස්ටඩ් මිල්ක් ෂේක් . හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න .
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- කස්ටඩ් පවුඩර් මේස හැදි 2 1/4
- ෆ්‍රෙශ් මිල්ක් 500ml
- සීනි මේස හැදි 5
- කස කසා ඇට මේස හැදි 2
- චොක්ලට් ස්ප්‍රින්කල්ස් ටිකක්
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව තරමක බෝල් එකකට කස්ටඩ් පවුඩර් මේස හැදි 2 1/4 දමා එයට ෆ්‍රෙශ් මිල්ක් වලින් ටිකක් එකතු කර හොඳින් දිය කරන්න .
- භාජනයකට ඉතිරි කිරි දමා සීනි මේස හැදි 5 දමා දියකර ලිප මත තබා රත් කරන්න .
- යාන්තමට රත් වු විට කස්ටඩ් මිශ්‍රණය එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . උතුරුවා ගන්න .
- නිවෙන්න තබන්න .නිවුනු පසු ශිත කරනයේ තබන්න . පැය 1 පමණ .
- පැයකට පසු ශිත කරනයෙන් එලියට ගෙන බ්ලෙන්ඩ් එකට දමා අයිස් කැට ටිකක් එකතු කර බ්ලෙන්ඩ් කරන්න.
- කස කසා ඇට මේස හැදි 2 පෙනේරයකට දමා සෝදා උස වීදුරු 2ක් ගෙන පතුලට කස කසා ඇට ටිකක් දමා ඉතිරි කස කසා ඇට කස්ටඩ් මිශ්‍රණය ට එකතු කර මිශ්‍ර කරන්න .
- දැන් වීදුරු 2ක ට කස්ටඩ් මිශ්‍රණය දමා මිශ්‍ර කරන්න .
- පසුව නැවත වීදුරු 2ක ශිත කරනයේ තබන්න . ව්නාඩ් 30 පමණ .
- පසුව ශිත කරනයෙන් එලියට ගෙන උඩ සරසා ගන්න . මම චොක්ලට් ස්ප්‍රින්කල්ස් දැම්මා .
හදලා බලන්න කෝ .Dhammika Panangala
0 comments:
Post a Comment