චොක්ලට් පාන් පුඩිම් හදමු (Chocolate Bread Pudding)

චොක්ලට් පාන් පුඩිම් හදමු (Chocolate Bread Pudding) - Your Choice Way

මම අද දවල්ට බත් කාලා කන්න හැදුවා රසවත් පුඩිම් එකක් . චොක්ලට් පාන් පුඩිම්. හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න . මෙහෙමයි මම හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පෙති 6 (ලොකු පාන් පෙති නම් 4)
  • ෆ්‍රෙශ් මිල්ක්  300ml
  • බිත්තර 2
  • සීනි 100g (කප්  1/2)
  • වැනිලා තේ හැදි 1 
  • කොකෝ පවුඩර් මේස හැදි 2 
  • මාජරින් 25g (දිය කර ගත් )
  • කජු ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව පාන් පෙති 6 කු කුඩා කෑබලි වලට කපා භාජනයකට දමා ඊට කිරි ටිකක් එකතු කර මිශ්‍ර කර පිගානකින් වසා පැත්තකින් තබන්න .
  2. භාජනයකට බිත්තර 2 දමා ව්සික් එකකින් ව්සික් කරන්න.පසුව එයට සිනි එකතු කර නැවත ව්සික් කරන්න.දැන් දිය කර ගත් මාජරින් එකතු කරන්න. විස්ක් කරන්න. වැනිලා එකතු කර විස්ක් කරන්න . 
  3. පසුව ඉතිරි වු කිරි ටික එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . 
  4. දැන් කොකෝ පවුඩර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . කැටි නැති වෙන්න . 
  5. අවසානෙට පාන් මිශ්‍රණය එකතු කර හොඳින් කලවම් කරන්න . හැන්දකින් . 
  6. පුඩිම් එක දාන ට්‍රේ එකට හොඳින් මාජරින් ගාන්න . මම ගත්තේ රවුම් 6" ට්‍රේ එක .
  7. සාදා ගත් මිශ්‍රණය එම ට්‍රේ එකට දමන්න.
  8. දැන් ට්‍රේ එක ඊයම් කොලයකින් වසා ස්ටීම් කරන්න.විනාඩි 30ක් 40ක් පමණ ගත වේ. 
  9. පසුව හොඳින් නිවුනු පසු වටේට බුරුල් කර පිගානකට ඉවත් කරන්න. 
  10. මම නම් බේක් කලා අවන් එකේ උශ්නත්වය 170 විනාඩි 10 පෙර රත් (pre heat) කර විනාඩි 50 පමණ බේක් කලා .  
  11. උඩින් කජු දමා සරසා ගන්න . 
හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න.හදලා බලන්න කෝ.Dhammika Panangala (ධම්මිකා පනංගල)

චොක්ලට් පාන් පුඩිම් හදමු (Chocolate Bread Pudding) - Your Choice Way

චොක්ලට් පාන් පුඩිම් හදමු (Chocolate Bread Pudding) - Your Choice Way

චොක්ලට් පාන් පුඩිම් හදමු (Chocolate Bread Pudding) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment