අද අපි කියන්න යන්නේ ජාතියේ පියා යන විරුදාවලිය ලද් ඩී.එස්. සේනානායකයන්ගේ වලව්ව ගැන..ගැන..
ඒ නමින් බෝතලේ වලව්ව.. මීරිගම ඉහළ බෝතලේ ප්රදේශයේ තමා මේ වලව්ව තියෙන්නේ..
මේ වලව්වේ තමා අපේ රටේ පළමු අග්රාමාත්යවරයා බිහිවන්නේ..
ජාතියේ පියාගේ ජන්ම නිවහන මෙයයි..
1884 ඔක්තෝබර් 20 දා බෝතලේ වලව්වේදී දොන් ස්ටීවන් හෙවත් DS සේනානායකයන් උපන්නා..
දොන් ස්පේටර් සේනානායක මුදලිතුමාගේත් කෙහෙල්ඇල්ල වලව්වේ කැතරින් එළිසබෙත් පෙරේරා කුමාරිහාමිගේත් හතරවැනි දරුවා විදියට තමා ඩී.එස් සේනාසනයකයන් උපන්නේ.
1865 දී දොන් ස්පේටර් සේනානායක විසින් තමා මේ විශාල තනි මහල් නිවස ඉදිකරලා තියෙන්නේ..
එතුමා විවහ වෙලා තියෙන්නෙත් මේ නිවසේ..
මේ බෝතලේ වලව් වත්තේ ඉඩම අක්කර 600 ක්. ඉඩම් පනතෙන් ඔක්කොම ආණ්ඩුවට ගත්තා. දැන් තියෙන්නෙ අක්කර 50 ටත් අඩුවෙන්..
බෝතලේ කුස්සිය හුඟක් ලොකුයි. දර පෝරණුම හතර පහක් ඒ කාලේ තිබිලා තියෙනවා...
ඩී.එස්. මහතාගේ පියා හදවපු වී පෙට්ටියෙ ගමටම වුණත් කන්න දෙන්න පුළුවන් තරමට හාල් තිබුණා කියලයි කියන්නේ…
මේ වලව්ව බලන්න යන්න අවසර ගන්න ඕනේ..
1907 දී දොන් ස්පේටර් සේනානායක මහතාගේ මරණයෙන් පසු ඔහුගේ සොහොන බෝතලේ වලව්ව භූමියේ ඉදිකරලයි තියෙන්නේ.
ඒ වගේම ඩී.එස්. සේනානායකයන්ගේ සමාධියද මේ වලව්ව ඉදිරිපිට තමා තියෙන්නේ…
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
0 comments:
Post a Comment