Banen Banda Raja Rata Pedesinne Song Lyrics - බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ ගීතයේ පද පෙළ

Banen Banda Raja Rata Pedesinne Song Lyrics - බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ ගීතයේ පද පෙළ
Song Title : Banen Banda Raja Rata Pedesinne (බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්


බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
කෝච්චියේ හිර ගෙයි බැඳ එන්නේ
පිහියේ මුවහත ගෙල සිප ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ

උගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බත දනට පුදන්නේ
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
කෝච්චියේ හිර ගෙයි බැඳ එන්නේ
පිහියේ මුවහත ගෙල සිප ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
දම් සක්වල ගල හැපී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
සිත් වල ඇයි කලගුණ නොරැඳෙන්නේ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Banen Banda Raja Rata Pedesinne Song Lyrics - බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ ගීතයේ පද පෙළ Banen Banda Raja Rata Pedesinne Song Lyrics - බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 26, 2021 Rating: 5

0 comments:

Post a Comment