Athinatha Aran Yanavita Song Lyrics - අතිනත අරන් යන විට ගීතයේ පද පෙළ

Athinatha Aran Yanavita Song Lyrics - අතිනත අරන් යන විට ගීතයේ පද පෙළ
Song Title : Athinatha Aran Yanavita (අතිනත අරන් යන විට)
ගායනය : සංඛනී එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ


අතිනත අරන් යන විට සෙමින්
නව නෑසියන් සමඟින් මෙසේ
මංගල සිලෝ හඩ අභිබවා මට
නුඹේ මෘදු කටහඩ ඇසේ
පියානෙනි
ඔබේ ඇමතුම් හඬ ඇසේ

මඟ නොමඟ මේ යැයි කියා
ජීවිතේ අග මුල සොයා
ඔබ කියාදුන් මහඟු පාඩම
හදේ ගැඹුරුම තැන තියා
මගේ ඉරණම් ගමන මම යමි
ස්නේහයේ නව මං සොයා

පන්නරය ලැබ ඔබ වෙතින්
ජීවිතය සැකසුනු බැවින්
පරපුරේ ගෞරවය රැකගෙන
හිදින්නෙමි පතිනිය ලෙසින්
දරු සෙනේ ඇට මිදුලු ගිනි බිද
පවතිනා බව දනිමි මං

අතිනත අරන් යන විට සෙමින්
නව නෑසියන් සමඟින් මෙසේ
මංගල සිලෝ හඩ අභිබවා මට
නුඹේ මෘදු කටහඩ ඇසේ
පියානෙනි
ඔබේ ඇමතුම් හඬ ඇසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athinatha Aran Yanavita Song Lyrics - අතිනත අරන් යන විට ගීතයේ පද පෙළ Athinatha Aran Yanavita Song Lyrics - අතිනත අරන් යන විට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2021 Rating: 5

0 comments:

Post a Comment