Anuragee Apara Ahase Song Lyrics - අනුරාගී අපාර අහසේ ගීතයේ පද පෙළ

Anuragee Apara Ahase Song Lyrics - අනුරාගී අපාර අහසේ ගීතයේ පද පෙළ

Anuragee Apara Ahase Song Lyrics - අනුරාගී අපාර අහසේ ගීතයේ පද පෙළ
Song Title : Anuragee Apara Ahase (අනුරාගී අපාර අහසේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සහ ඉන්ද්‍රාණි සේනාරත්න
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : සිසිර සේනාරත්න
1978 දී තිරගතවූ මගේ රන් පුතා චිත්‍රපටියේ ගීයකි.


හෝ හෝ හෝ..... හොහෝ... හොහෝ...
හාආ ආඅ ආඅ ආඅ ආඅ ආඅ ඕ....

අනුරාගී අපාර අහසේ
ඔබේ සිනා සමීරේ
ඔබේ සිනා සමීරේ

සිත පාවී ප්‍රමෝධ දැහැනේ
සරා සඳේ තුසීතේ
සරා සඳේ තුසීතේ

දෑසේ ඇඳේවී
දෑලේ වෙලේවී
ආදර සේයා' තීතේ
මියුරු මහෝඝේ
ඔරුවේ නැඟීලා
රූසිරිනී පාවුණාවේ
මල් පිබිදීලා පැතුවෝ සිනාසී
රූ තියරෝ වාසනාවේ
රූ තියරෝ වාසනාවේ

අනුරාගී අපාර අහසේ
ඔබේ සිනා සමීරේ
ඔබේ සිනා සමීරේ

රෑනේ රැඳීලා මී බී පියාඹා
මීදුම් තීරූ ප්‍රභාතේ
කුමරෝ සුරූපී
ඔබගේ සිනාවෝ
ප්‍රේමයෙනී පේවුණාවේ
අප දෙදෙනාගේ සිහිනේ සැබෑවී
ආසිරි ගී වෑහුණාවේ
ආසිරි ගී වෑහුණාවේ

රෑ තරු විලසේ ඔබෙ දෑස පායා
ආදර සේයා මැවේවී
රෑ තරු විලසේ ඔබෙ දෑස පායා
ආදර සේයා මැවේවී

මා හද පතුළේ සිරි දේවි වාගේ
ආදර ගීතේ ගයාවී
ආදර ගීතේ ගයාවී

අනුරාගී අපාර අහසේ
ඔබේ සිනා සමීරේ
ඔබේ සිනා සමීරේ

සිත පාවී ප්‍රමෝධ දැහැනේ
සරා සඳේ තුසීතේ
සරා සඳේ තුසීතේ

හෝ හෝ හෝ..... හොහෝ... හොහෝ...
හෝ හෝ හෝ..... හොහෝ... හොහෝ... හෝ......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment