Song Title : Ane Gatawne (අනේ ගැටව්නේ)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : පද්මකුමාර මෙත්තසේන
තනුව : ජානක ෆොන්සේකා
මුලින් ‘කන්ද පිරිමැද’ සංයුක්ත තැටියට ද පසුව
‘තරුකැට දහසක්’ සංයුක්ත තැටියට ද ඇතුළත් විය.
ලල ලල ලල ලල ලල ලල ලා.... ලලලා
අනේ ගැටව්නේ
නිකා ඉඳපල්ලා (හා)
ළිඳේ පනිට්ටුව වගේ මගේ හිත //
මගේම භාරී සමග සවාරී //
යන ඒ කුළුඳුල් දවස අදයි //
ලල ලල ලල ලල ලල ලල ලා.... ලලලා
ඇදේට අඩියක් තියා ගියොත් හෙම
මඟුල් තුලාවෙන් වැඩක් නැතේ බොල
බලා නොඉඳ සනුහරේ රිලා රඟ //
රවා බලාපන් පනේ සරා සඳ //
අනේ ගැටව්නේ
නිකා ඉඳපල්ලා (හා)
ළිඳේ පනිට්ටුව වගේ මගේ හිත //
මගේම භාරී සමග සවාරී //
යන ඒ කුළුඳුල් දවස අදයි //
ලල ලල ලල ලල ලල ලල ලා.... ලලලා
සුරාමේරයත් මරාගෙනයි මම
කිරා වැටී නිදිමරා සිටින්නේ
ගමේ නැතිව වෙන කොහේ ලගින්නද //
තව්තිසාවමයි මගේ කුඩා ගේ //
අනේ ගැටව්නේ
නිකා ඉඳපල්ලා (හා)
ළිඳේ පනිට්ටුව වගේ මගේ හිත //
මගේම භාරී සමග සවාරී //
යන ඒ කුළුඳුල් දවස අදයි ////
0 comments:
Post a Comment