Adareyi Mama Adareyi Song Lyrics - ආදරෙයි මම ආදරෙයි ගීතයේ පද පෙළ

Adareyi Mama Adareyi Song Lyrics - ආදරෙයි මම ආදරෙයි ගීතයේ පද පෙළ

Adareyi Mama Adareyi Song Lyrics - ආදරෙයි මම ආදරෙයි ගීතයේ පද පෙළ
Song Title : Adareyi Mama Adareyi (ආදරෙයි මම ආදරෙයි)
ගායනය : සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි සේනාරත්න
සංගීතය : සිසිර සේනාරත්න
පද රචනය : කරුණාසේන ජයලත්


නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා...//
පවුරු බැදගෙන ‍සිතක වැජබුනු
රසවතී නැ කොයි ගියා..//

ආදරෙයි මම ආදරෙයි..//
දම්මි තවමත් ආ..දරෙයි
මවා පියකරු සිහින සිතුවම්
මතුකලා රසබර හැගුම්
දයාවන්තය යොවුන් සිතුවිලි
රසකලා ඔබෙ නෙත් කැළුම්..//

ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආ..දරෙයි...//
අසිමත් ලෙස වැඩුනු දේදුනු
කළුවලා පෙම් යට වුනා
මිහිරියාවිය අනේ දවසක
ඔබේ හදවත ‍ගොළුවුනා..

ආදරෙයි මම ආදරෙයි..//
දම්මි තවමත් ආ..දරෙයි..
ආදරය එක අතක ප්‍රේමය
තව අතක මා නැති වුනා
සාගරය වැනි වේදනාවක
අ‍හෝ හිතවත තනිවුනා..

ආදරෙයි මම ආදරෙයි..//
සුගත් තවමත් ආ..දරෙයි
ආදරෙයි මම ආදරෙයි..//
දම්මි තවමත් ආ..දරෙයි

ආ..දරෙයි...///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment