Song Title : Adahara Asanu Risiyen (අඬහැර අසනු රිසියෙන්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : ගාමිණී ශ්රී තෙබුවන
තනුව : ආනන්ද වෙෙද්යසේකර
අඬහැර අසනු රිසියෙන් හඳ කමතෙ වැඩ
ඉපනැලි යායෙ අතුරා රන් සේල පට
සිටිනා සිරියාව තුන්යම රෑ නෙතට
අද නෑ දකින්නට පින් මඳ පුතුන් හට
බැතේ බරට හිනැහෙන කමතේ පැදුර
කාන්සියට මැදිවී නිහඬයි දුකට
හෙළ කුල සිරිත් යට වුණු කල කළ පවට
කෙලසක විඳින්නද වෙල් එළියක මිහිර
සිහිලැල් සුළං රැල් පාවෙයි සිහිල දිදී
හීන් හඬින් වක්කඩ දිය ගලා බසී
සුපුරුදු ගැමි සුවඳ හදවත කොනක හිඳී
කොළ මැඩුමකට සිත කැන්දන් යාවි නිතී
අඬහැර අසනු රිසියෙන් හඳ කමතෙ වැඩ
ඉපනැලි යායෙ අතුරා රන් සේල පට
සිටිනා සිරියාව තුන්යම රෑ නෙතට
අද නෑ දකින්නට පින් මඳ පුතුන් හට
0 comments:
Post a Comment