මෙය ඓතිහාසික ගොඩනැගිල්ලක්...
මහනගර සභාව වෙන්න කලින්,උඩරට රාජධානි සමය තෙක් දිවෙන ඉතිහාසයක් දුනුවිල වලව්වට තියෙනවා.එය පිහිටා තිබෙන්නේ පුරාණ කන්දේ වීදියේ යි.
දෙවන රාජසිංහ සමයේ රජුගේ මහ අදිකාරම් වූයේ දුනුවිල නිලමේ. සිංහල රාජ්‍යයේ උසස්‌ම නිලයක් මෙන්ම ඇත් පංතිය බාර සහ ඇත් සේනාවේ අණදෙන නිසි බලධාරියා වූ 'ගජනායක නිලමේ' තනතුර දැරුවේ ද ඔහු යි....
දුනුවිල නිලමේ වැලිකඩ මැණිකේ සමග යුගදිවිය ගතකළේ මහනුවර කන්දේ වීදියේ තපෝවනය අසල ඇති දුනුවිල වලව්වේ යි..
පසුව දුනුවිල පරම්රාවේ නිවහන බවට එය පත්වුණා. මහනුවර යුගයට අයත් වාස්‌තු විද්‍යාත්මක ලක්‍ෂණ, ලන්දේසි වාස්‌තු විද්‍යාව, ඉංග්‍රීසි වාස්‌තු විද්‍යාව හා සංකලනය වූ කදිම ගොඩනැගිල්ලක් ලෙස 'දුනුවිල වලව්ව' සැලකිය හැකියි...
අද දැකගත හැකි වන්නේ ඉංග්‍රීසී පාලන යුගයේ නවීකරණය කර ඉදිකළ ගොඩනැගිල්ලක්.
ලන්දේසි යුගයේ ආවේනික ගෘහ නිර්මාණ ලක්‍ෂණවලට සමීප රවුම් ආරුක්‌කු යුගල කුලුනු, මැද මිදුල, ආරුක්‌කු ජනේල ආදිය නිසා වලව්වට ගම්භිර පෙනුමක් ලැබී තිබෙනවා.
නවීකරණයේ දී මෙම ගොඩනැගිල්ලේ මූලික 'අමුද්‍රව්‍ය' ලෙස ගෙන ඇත්තේ කළුගල්.
ආනයනික 'බුරුම තේක්‌ක' මෙහි දැව කර්මාන්තවලට යොදාගෙන තිබෙනවා. ඇතුළු වන ප්‍රවේශය දෙපස විශාල කාමර දෙකක් පිහිටා තිබෙනවා. ඉහළ මාලයේ විසිත්ත කාමරය අද නගර සභාවේ නගර ශාලාව යි.
අවසන් රජ සමයේ සිටි දුනුවිල නිලමේ 1818 උඩරට කැරැල්ල සමයේ ඉංග්‍රීසීන්ගේ සැකයට භාජනය වුණා. බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා ඔහු රටින් පිටුවහල් කිරීමට කොළඹට යැව්වා. කොළඹ සිරභාරයේ ගතකළ දුනුවිල නිලමේ 1821 මාර්තු 21 දින එහිදී මියගියා.
1848 දී ඉංග්‍රීසි ආණ්‌ඩුව වලව්ව පවරාගත් අතර එයට 1861 දී ඔක්. 31 දා පවුම් 3000ක වන්දියක් පමණක් ගෙවා තිබෙනවා. 1869 දී පවුම් 3000ක මුදලකට ස්‌ථීරවම එය මිල දී ගෙන තිබෙනවා.
1875 දී මහනුවර නගර සභාව පිහිටුවන විට මෙම වලව්ව නගර සභාව සඳහා යොදා ගැනීමට ඉංග්‍රීසීන් තීරණය කළා.
මෙම ගොඩනැගිල්ලත් ලෝක උරුම නගරයේ ආරක්ෂිත ස්මාරකයක් කිව්වොත් නිවැරදී...
පින්තූර මුල් හිමිකරු සතුයි 📸🙏 Travel for Education
0 comments:
Post a Comment