ගැහැණු ළමුන්ගේ ජාත්‍යන්තර දිනය අද (11) ට යෙදී තිබේ.International Day of the Girl Child
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියළුම රටවල් එකඟත්වයෙන් එම දිනය ප්‍රකාශයට පත්ව ඇත.
ලොව මිලියන 250ක් වූ ගැහැනු ළමුන් පිරිසක් බෙහෙවින් ඳිළිදු ජීවිතගතකරන අතර, සෑම වසරකදීම අප්‍රිකානු මහාද්වීපයේ පමණක් ගැහැනු ළමුන් මිලියන 3ක් ලිංග චේදනයට ලක්වීමේ අවදානමට පත්වෙයි. ලෝකයේ ජීවත්වන ගැහැනු ළමුන් මිලියන 62කට පාසල් අධ්‍යාපනය අහිමිය.
මෑත කාලය පුරාවට ලංකාවේ මාධ්‍ය සදාචාරය පිළිබඳ බොහෝ විවේචන එල්ල වෙමින් පවතී. ජනමාධ්‍ය සිය කාර්යභාරය ඉටු කිරීමේ දී මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරන බව බොහෝ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලට එරෙහිව ඇති ප්‍රබල චෝදනාවයි. විශේෂයෙන් ස්ත්‍රී දුෂණ හා ළමා අපයෝජන සිද්ධි වාර්තාකරණයේ දී කාන්තා හා ළමා අයිතිවාසිකම්වලට හා මාධ්‍ය සදාචාරයන්ට පටහැනිව ක්‍රියා කිරීම ද, එවැනි පුවත් රසවත්ව වාර්තාකරණය ද, කාන්තාවට එරෙහි අපහාසාත්මක හා උපහාසාත්මක මාධ්‍ය ප්‍රචාරණයන් ද නිසාවෙන් නූතන ලාංකීය සමාජයේ කාන්තාවට හිමි සමාජ තත්ත්වය බරපතළ කැළලක් ඇති වී තිබේ. අතීතයේ කාන්තාව දෙස ගෞරවයෙන් බැලූ සමාජය අද වනවිට අපහාසාත්මක මෙන්ම උපහාසාත්මකව ද වපරැහින් බැලීමට පෙළඹී තිබීම සැබවින්ම කාන්තාවට එරෙහි මාධ්‍ය ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිවිපාකය.
ගෝලීයකරණ සංකල්පය හමුවේ ශීඝ්‍රයෙන් කාර්මීකරණය වන ලාංකීය සමාජයේ සංකීර්ණ අවශ්‍යතා සපුරාගත නොහැකිය. එනිසා පවුල තුළ තම සාම්ප්‍රදායික කාර්යභාරයෙන් මිදී එතෙර රන් කහවණු සොයා යාමට ලාංකීය කාන්තාවට සිදු වීම ඇය අභිමුව අභියෝග රැසක් මෙන්ම සමාජ ගැටලු රැසක් ද ඇති කරවන්නකි. නිසි පරිදි වේතන හා පහසුකම් නොසැපයීම, කායික හා මානසික වධහිංසාවන්ට ලක් කිරීම, සිය දිවි නසා ගැනීම් හා ඝාතනයට ලක් කිරීම් වැනි අභාග්‍යසම්පන්න ඉරණමට ලක් වීමට විදෙස් ශ්‍රම සංක්‍රමණික කාන්තාවන්ට සිදු වේ. මෑත කාලීන ප්‍රවණතාව වන්නේ මෙසේ අමානුෂික සැලකුම්වලට ලක්වන බහුතරයක් ලාංකික කාන්තාවන් මැද පෙරදිග රටවල සේවයේ නියුක්ත වුවන් වීමය. අරාබි රටවල පවත්නා දැඩි නීති ක්‍රමය හා සංස්කෘතිය ද මෙහිදී සෘජු බලපෑමක් වන බව රිසානා නෆීක් සිද්ධිය සාක්ෂි දරනු ඇත. ඇණ ශරීරගත කිරීම්, සියදිවි නසා ගැනීමට තැත් කළ බවට සනාථ කිරීමට ස්වාමි දියණියන් විසින් සිදු කළ නොමිනිස් සැලකුම්වල නොමැකෙන සලකුණු රැගත් ලාංකික මවුවරු කොතරම් ප්‍රමාණයක් පසුගිය වකවානුව තුළ යළි මවු රටට පැමිණියේද?
කාන්තාව ආත්ම පරිපූර්ණත්වයට පත් වීම යනු සමස්ත සමාජයේම අභිවෘද්ධියේ පදනම සවිමත් වීමයි. එසේ නම් කාන්තාවට එදවස උරුම වූ සමාජ තත්ත්වය නැවත ලබා දෙනු වස් වගකිව යුතු සියලු පාර්ශ්වයන් එක්විය යුතු කාලය එළඹ ඇත.වපරැහින් බලමින් කාන්තාවගේ තත්ත්වය කෙලෙසනු විනා සුබවාදීව ආකල්පයන්ගෙන් ඇය වටහාගන්නට නූතන ලාංකීය සමාජය නොදන්නා සේ ය. ආකල්ප වෙනස් කිරීමෙහිලා ජනමාධ්‍ය ප්‍රමුඛ සියලු පාර්ශ්වයන් සිය කාර්යභාරය සංයමයෙන් හා කැපවීමෙන් ඉටුකිරීමට පෙරමුණ ගත යුතු නොවේද?
ලෝකයේ දේශපාලන වාතාවරණය දෙස අවධානය යොමුකිරීමේදීත් ශ්‍රී ලාංකීය දේශපාලනය දෙස බැලීමේදීත් කාන්තාවන්ගේ නියෝජනයට හා කාන්තා අදහස් වලට වඩා වැඩි තැනක් වඩා වැඩි අවකාශයක් ලැබෙනා බව පෙනෙන්නට තිබෙන කරුණක්. එය අනාගත තරුණ කාන්තාවන්ට වත්මන් තරුණ ගැහැණු ළමයින්ට අදට වඩා බෙහෙවින් යහපත් වූ හෙට දවසක් බිහිවීම වෙනුවෙන් නැවුම් බලාපොරොත්තු ගොන්නක් ලබාදෙන්නක්.
අද දිනය ජාත්‍යන්තර ගැහැණු ළමයින්ගේ දිනය පමනක් නොවී ජාත්‍යන්තරයේම අවධානය ගැහැණු ළමයින්ට යොමුවීමේ ආරම්භක දිනය වේවායි යන්න අද දිනයේ මාගේ පැතුමයි.
Sasanika Jayalath Jayasundara
0 comments:
Post a Comment