අපේ අල්ලපුගෙදර උදවිය එක්ක මුලදි ගොඩාක් හිතවත්වෙලා හිටියට කාලෙත් එක්ක අපි ටිකක් ඈත් උනා. අල්ලපුගෙදර ඇන්ටිගේ ලොකු පුතාගේ දෙවෙනි බබාට මාස 9යෙදි අසනීප වෙලා රොහල් ගතකරා. හරිම ලස්සන කෙලි පොඩ්ඩි.
සතියක් ගියා බබාව ගෙදර එක්ක ආවේ නෑ. ඒ නිසා මම එහේ ගියා. ඒ ඇන්ටිට එතකොට parkinson කියන ලෙඩේ හැදිලා ඇවිදින්නත් බෑ. එයා මගේ අත අල්ලගෙන ඇඬුවා එදා. "අනේ නිශානි තරහාවෙන්න එපා මාත් එක්ක මම කියන්න ඕනි දේවල් නෙමේ මට කියවෙන්නෙ. ගෙදර අය මාත් එක්ක තරහද දන්නෙ නෑ. මගේ දරුවාට හොඳවෙයි නේද? මම බෝධි පූජා තිබ්බා." කියලා. ඉතින් මමත් හිත හැදෙන්න කතාකරලා ආවා.
දවස් 3කින් විතර අනේ ඒ බාබා නැතිවෙලා. ගමම එකම මළගෙයක් වෙලා. ඒ ඇන්ටි අඬනවා මිනියගාවට වෙලා.බලන අයගේ පපුව පැලෙන්න එනවා. ලමයාගෙ අම්මත් පිස්සියෙක් වගේ...
මිනිය උස්සන දවසේ මගේ හබී short leave දාලා එනවා කිව්වා කනත්තට යන්න. මිනිය ඉස්සුවා ඒත් හබී ආවෙ නැති නිසා මම ගියේනෑ. ඇන්ටිගේ පුතාලා මටයි මගේ නැන්දටයි කියලා ගියා, "අපේ අම්මා නිදි. අපි එනකම් එයාව ටිකක් බලන්න" කියලා. අපේ නැන්දා එහේ හිටියා මම ගෙදර ආවා.
ඇවිත් මම ගෙදර වැඩකරන ගමන් අපේ කාමරේ ගාවින් ගියා. මගේ මහත්තයා ඇඳ උඩ ඉඳගෙන ඉන්නවා දැක්කා. සතුටකුත් එක්ක ආයේ බැලුවා. ම්හ් නෑ කව්රුත්නෑ. එවගේ ආයෙත් දැක්කා ආයෙත් නෑ. ඒවගේ තුන්පාරක් දැක්කා. මට හිතුනා බලාගෙන හිටපු නිසා වෙන්න ඇති කියලා. ඊටපස්සෙ හබීට call කරලා ඇහුවම තාම එනගමන් මග කිව්වා.
ඇන්ටිව බලන්නත් යන්න ඕනි කියලා ගේට්ටුව වහගෙන යද්දි මගේ කකුල කැපුනා ගේට්ටුවට. ලේ පෙරි පෙරිම ඇන්ටිව බලන්න ගියා. ඇන්ටි ඇඳ උඩ මූනින් අතට හොඳටම නිඳි. ගොඩාක් අය එයාගාව උන්නු නිසා මම ආපහු ආවා.
කනත්තට ගිය කට්ටිය ආවට පස්සේ මහා හයියෙන් කෑගහන සද්දයක් ඇහුන නිසා මම ගියා. ඇන්ටිව ඇහැරවනවා ඇන්ටි කතාකරන්නෙත්නෑ ඇඳ උඩ ලේත් තියෙනවා. මැරුණු ලමයාගෙ අම්මා අඬන නිසා ඒ කොමඩු කියලා හිත හැදුවා. මොකද නිදාගන්න කලින් ඇන්ටි කොමඩු juice බීලා තිබුනා.
ඇන්ටිව ලොකු අයියා උස්සලා ගත්තා ඒ නිල් ඇස්දෙක මට තාම මතකයි. කට්ට අව්වෙත් ඇරිලා තිබුනේ. තවපොඩ්ඩෙන් මටයි ඔඩොක්කුවේ තියාගෙන යන්න වෙන්නේ. එයාගෙ දෙවෙනි ලේලි හොඳ වෙලාවට ආවා. ඇන්ටි ඒ වෙනකොටත් නැතිවෙලා. අර ලමයාගෙ පස්සෙන්ම ආත්මෙ යන්න ඇති කියලා මට හිතුනා. එතකොටයි හබී ආවෙත්. ඇන්ටිගේ අවසන් කටයුතු කරන්න කලින් හබී මට shock වෙයි කියලා මාව වෙන ගෙදරකට එක්ක ආවා.
0 comments:
Post a Comment