කොලබ ඇති කටුක එකාකාරී බවින් මිදිමට අනුරාධ පුරයේ පුන්චිලා ගෙදර යෑමට තිරණය කලෙමි, බොහො කලකින් යෑමට බැරි උන බව කියමින් මෙවර මා සමග අම්මා සහ නන්ගි ද එකතු විය, කොලබින් පිටත් වු අපි අනුරාධ පුරයට ලන් වන විට රෑ බො වී තිබුනි.
ගමන් විඩාවත් නිසා මා ඉක්මනින් නින්දට වැටුනාය, පසුදින උදයේ නැකිට්ට විට දැන ගන්න ලැබුනේ එතරම් හොද ආරන්චියක් නොවේ, එනම් උඩහ ගෙදර සීයා අන්තරා වි ඇති බවයි.
පුන්චිලා ගෙදර ඇවිත් ගත කරන්න යොදා ගත් නිවාඩුව ඉන් පසු ගත කිරීමට උනේ සියාගේ මල ගෙදරයි, නමුත් තෙවෙනි දවසේ මා හට ගගෙන් උඩහා මාම ලාගේ ගෙදර යෑමට සිත් විය, මා සමග ඉතාමත් කුලුපග මාමා ෆන් එකට බර පොරකි.
මාම ලා ගේ ගෙදර ගොස් නැවත මල ගෙදර බලා පිට වෙද්දි වෙලාව මැදියම් රෑ 12 පමන විය, මාමා නවතින්න යැයි බල කරද්දි අම්මා සහ නන්ගි බලා සිටිනවා කියා මල ගෙදර බලා යන්නට මා පිටත් විය.
රෑ 12ට මාම ලාගේ ගෙදර සිට නැවත පිටත් වන විට මාගේ මතකට ආවේ බැද්ද තුලින් වැටි ඇති කෙටි පාරකි, ප්‍රධාන පාරෙන් බට මා බැද්ද තුලට පිවිසියෙමි.
තනියට එලියට සන්තකයටම තිබුනේ මා සතුව ඇති ජන්ගම දුරකතනය පමනි, ජන්ගම දුරකතනේ එලියේ ආදාරයෙන් මම ගස් වැල් පීරා ඉදිරියට ඇදුනෙමි.
රැහැයියන්ගේ හඩත් , නරියන් හු කියන හඩත් වටින් පිටින් ඇහෙන්නට විය, අවට පරිසරයෙ මහා මුසල බවක් පිරි තිබිනි.
ටික දුරක් යද්දි මට අසුනේ ජල පහරක සද්ද යයි, සතෙක් වතුර බොනවා යයි මා අනුමාන කලෙමි, නමුත් තව ඉදිරියට යද්දි මා හට පැහැදිලිව ඇහුනේ කිසිවෙකු වතුර ඇද නාන සබ්ද යයි, බැද්ද මැද ඇති පාලු ලිද මා මතකයට ආවේ එවිටයි.
මා දන්නා තරමින් ඔය ලිද කිසිවෙක් බාවිතා කරන්නේ නැත, ඔය ලිද දවල් වෙලාවකත් කිසිවෙක් බාවිතා නොකරන බව පුන්චි අම්මා මට දිනක් කීවාය, එත් මේ වෙලාවේ නාන්නේ කව්ද?
මා හට යෑමට නම් පාලු ලිද පසු කල යුතුය, ඉදිරියට ඇදුන ම ලිද ලග දැකපු දෙයින් ඇගම වෙව්ලා බියට පත් විය.
ලිදෙන් වතුර ඇද නාන්නේ ගැහැනියකි, කොන්ඩේ පල්ලෙහට බේරි, මුහුන පාත් කරගෙන චිත්තයක් ඇදගෙන වතුර අදමින් ඇය ඔහේ නායි.
මෙය කිසි විටකත් විය නොහැක්කකි, වෙලාව රෑ 1 පමන විය, මා හට නැවත හැරි යන්නටත් බැරිය, යාමට නම් ලිද පාස් කල යුතුය, හිතට ශක්තියත් හෙන ඉතිපිසො ගාතාව මුමුනමින් ලිදට ලන්විය.
ගැහැනිය මා ලන් වු පසුවද කිසිම හැල හොල්මනක් නැතුව නායි, ඇය පොඩ්ඩක් වත් හෙල්ලෙන්නේ වත් මා දෙස අවදානය යොමු කරන්නෙත් නැත, මා ඇය දෙස බලා අක්කෙ අක්කේ යයි කිව්වෙමි.
ඇය නෑසුනා මෙන් දිගටම පිලිමයක් මෙන් මුහුන බිමට හරවා සිටියාය, අක්කේ ඇයි මේ වෙලාවේ නාන්නේ යයි අසුවෙමි, නමුත් ඇය පිලිමයක් සේම මුහුන බිමට හරවා සිටියාය.
අනිත් පැත්ත හරුන මම පුන්චිලා ගේ නිවස බලාම දුවන්නට විය, පුන්චිලා ගේ ගෙදර මිදුලට බට මා කලාන්තේ හැදි අද වැටුනි.
පසුවදා උදේ නැකිටන විට මා හට උන සෑදි තිබිනි, සිද්දිය කුමක්දැයි විපරම් කිරිමට මල ගෙදර බොහො දෙනෙක් පුන්චිලා ගේ ගෙදරට පැමින සිටියාය.
මොකක්ද පුතේ ඊයේ රෑ උනේ, යයි අම්මා ඇසුවාය, මතක් කිරිමට අකමැති උවත් බොහො දෙනෙක් අසා සිටියදි මා උන දේ විස්තර කලෙමි.
කට්ටියම විසාල කරගත් දෑස් ඇතුව මා දිහා බැලුවාය, ඊට පසු එතන සිටි ආච්චි කෙනෙක් මෙසේ කීවේය.
ඔය පුතා මීට අවුරුද්දකට විතර කලින් ඔය ලිදට පැනලා මැරිච්ච් ගෑනු ළමයා ගේ අවතාරේ, නැතුව ඔය ලිද කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ, කීප දෙනෙක්ම ඔය අවතාරේ දැකලා තියෙනවා, හැබැයි කාටවත් කරදරයක් කරලා නම් නැහැ.
ඊට පසුව මාගේ රොගය උත්සන්න විය, ඉස්පිරිතල යට පවා ඇතුල්වී සුවය ලැබුවේ සතියකට විතර පසුවය.
එදා සිට හොල්මන් කෙරේ මා තුල තිබු බොරු පුහු හෙලවෙන මනස වැනි දෑ ඉවත් වී හොල්මන් පිලිබදව විස්වාස කරන්නට පටන් ගත්තෙමි...
(උපුටා ගැනිමකි)
0 comments:
Post a Comment