අද මම හැදුවා රසම රස බීම එකක් හවසට බොන්න . චොක්ලට් බිස්කට් මිල්ක් ෂේක්. අමු ද්‍රව්‍ය තුනයි . හරිම ලෙහෙසියි හදන්න . හැබැයි මම වෙලාසන හැදුවා කූල් වෙන්න ඕන නිසා . මෙහෙමයි හැදුවේ .
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- චොක්ලට් බිස්කට් 100 පැකට් 2
- ෆ්‍රෙශ් මිල්ක් 450ml
- අයිස් ක්‍රීම් කප් 2
සරසන්න ගානිශ් කරන්න හැදුවා චොක්ලට් සිරප් එකක්.ඒකට ඕන
- කොකෝ පවුඩර් කප් 1/4 25g
- සීනි කප් 1/2 100g
- වතුර කප් 1/2
- වැනිලා තේ හැදි 1 /2
- ලුනු ටිකක් (පින්ච් එකක්)
✅ සාදා ගන්නා ආකාරය :
- භාජනයකට කොකෝ පවුඩර් , ලුනු , සීනි දමා හොඳින් මිශ්‍ර කරන්න . පසුව එයට වතුර ටික ටික දමමින් කලවම් කරන්න .
- දැන් මෙම භාජනය මද ගින්දරේ ලිප මත තබා විනාඩි 7 පමණ කලවම් කරමින් යාන්තමට ඝන වනතුරු හැදි ගාන්න . බුබුළු දමනවිට ලිපෙන් ඉවත් කර වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කර නිවෙන්න තබන්න .
- තරමක උස වීදුරු 2ක් හෝ තරමක වීදුරු 3 ක් ගෙන පයිපින් බැග් එකකට සිරප් එක දමා වීදුරු ගානිශ් කරන්න . ඉතිරි වු ටික කුඩා බෝතලයකට දමා පසුවට ගන්න තියන්න .
- චොක්ලට් බිස්කට් වලින් 3ක් පැත්තකින් තබා ඉතිරි බිස්කට් ටික භාජනයකට දමා කුඩා කෑබලි වලට කඩා බ්ලෙන්ඩර් එකට දමන්න . (පහල පින්තූරයේ පෙන්වා ඇති පරිදි )
- පසුව කිරි ටික සහ අයිස් ක්‍රීම් බ්ලෙන්ඩර් එකට දමා විනාඩි 2 පමණ නොනවත්වා බ්ලෙන්ඩ් කරන්න . ක්‍රීම් වනතුරු .
- පසුව මෙලෙස සාදා ගත් මිශ්‍රණය වීදුරු වලට දමන්න .
- දැන් පැත්තකින් තිබු බිස්කට් 3 කුඩා කෑබලි වලට කඩා උඩින් දමා සරසා ගන්න ., සාදා ගත් චොක්ලට් සිරප් එකෙනුත් උඩ සරසා ගන්න .
හරිම රසයි . හදලා බලන්න කෝ.Dhammika Panangala ධම්මිකා පනංගල
333
0 comments:
Post a Comment