🌿 රාස්නා හෙවත් අරත්ත වර්ග දෙකකි. එ් මහ අරත්ත සහ හීන් අරත්ත වන අතර වැඩිපුර බේතට ගනු ලබන්නේ හීන් අරතත ය.
🌿 පෙළොව යට පිහිටි තරමක් සුඳැති රයිසෝමක් සහිත ශාකයකි. අඩි 3-4 උසැති ශාකයේ පත්‍ර අඩියක් පමණ දිග ය. සුදු පැහැති මල් පිපෙන අතර ඵලය කුඩා ය, තැඹිලි පාට ය. මෙය ලංකාව, ඉන්දියාව හා මලයා දූපත් වල වැවේ.
🌿 අරත්ත Zingiberaceae කුලයට අයත් ශාක විශේෂයන් ය.
ඖෂධීය වටිනාකම
🌿 මෙය සර්ප විෂ නසන ප්‍රශස්ත ඔසුවකි. වනයේ දී නාගයා සමග සටන් වදින මුගටියා විටින් විට අරත්ත ගස සපා තමන්ට නා ගයාගෙන් වැදුන විෂ සමනය කරගනිතැයි මතයක් ඇත.
🌿 නකූල හෙවත් මුගටියාට ආරක්ෂාව සපයන බැවින් නකුලී යන නාමය ද මෙම ශාකයට යෙදේ.
🌿 අරත්ත විෂ නසනා ඔසුවක් මෙන්ම වාතය නසන්නකැයි ආයර්වේදය කියයි. පක්ෂගාත රෝගයට ප්‍රතිකාර වශයෙන් දෙන ඖෂධ වලට අරත්ත මුසු කෙරේ.
🌿 අරත්ත රත්තවාතයට, බඩවැල් හා ආමාශය තුළ ආහාර නොදිරවීම නිසා හට ගන්නා ආමවාතයට ප්‍රබල ඔසුවකි.
🌿 අරත්ත අල කටුකය, කුසගිනි වඩයි, කටහඬ යහපත් කරයි.
🌿 අරත්ත අල යොදා තනා ගත් කෂාය උණ, වාත රෝග, පීනස් රෝග හා උදර රෝ ග සුව කරයි.
🌿 "රාස්නා සප්තකය" "රාස්නා පංචකය" "මහා රාස්නා කෂාය" හා "රා ස්නාදී තෛය" යන ඔෂධවල ප්‍රධාන අමුද්‍රව්‍යය අරත්තයි.
ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි. සරත් රණවීර සහ රේඛා රණවීර
0 comments:
Post a Comment