මඩුවන්වෙල පරපුරේ අවසන් පුරුක ලෙස සැලකෙන මඩුවන්වෙල කෝරළේ හොඳින් ඉංග්‍රීසි බස හසුරුවමින් සුද්දන් මට්ටු කළ අයකු ලෙස ප්‍රකටයි..
මෙම වලව්ව වසර 400ක් පමණ අතීතයකට හිමිකම් කියන අතර මෙය පිහිටන ඉඩම අක්කර 20ක් පුරා පමණ විහිදෙනවා....
මුලින්ම කියන්නම් මේ මඩුවන්වෙල කියන නම ගැන..
කුළු හරකුන් බහුලව සිටි වෙල යන අර්ථයෙන් මෙම ප්‍රදේශය මඩුවන්වෙල ලෙස නම්ව ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා..
වලව්වට ඇතුලු වීමට සකසා ඇති මකර තොරණක හැඩය ගත් ගල් ආරුක්කුව ගල් උළුවස්ස ලෙස හඳුන්වනවා..
මෙම වලව්ව දෙවනි විමලධර්මසූරිය රජු සමයේ මඩුවන්වෙල මහ මොහොට්ටාල විසින් ක්‍රි.ව.1700 දී ඉදිකරන ලදී..
පසුව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සමයේ මඩුවන්වෙල විජේසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේ විසින් සිංහල උළු සෙවිලි කරවා ස්ථීර ගොඩනැගිල්ලක් බවට පත්කරලා තියෙනවා..
ක්‍රි.ව.1877-1905 කාලයේ කාමර 121 මැද මිදුල් 21 ආරක්ෂක පවුරු 3ක් සහිත අති අංගසම්පූර්ණ වලව්වක් කිව්වොත් නිවැරදී.. ඒ වගේම අධිකරණ ශාලාවක් ද මෙහි වෙනවා..
දෙවන විමලධර්මසූරිය රජු විසින් මඩුවන්වෙල විජේසුන්දර ඒකනායක අභයකෝන් මුදලිවරයා හට සන්නසක් සහිතව ඉඩම පවරා ඇති අතර ඔහු විසින් තමා මේ වලව්ව නිර්මාණය කලේ..
නමුත් වර්තමානයේ මෙහි කාමර121ක් නෑ කාමර 42ක් සහ මැද මිදුල් 7ක් තමා දක්නට ලැබෙන්නේ..
අවධි කිහිපයක දී මේ වලව්ව ප්‍රතිසංස්කරණ කරලා තියෙනවා...
මඩුවන්වෙල දිසාවේගේ මරණයෙන් පසු මේ බුදලය උරුමක්කාරයා වූයේ, දිසාවේගේ සොහොයුරකුගේ පුත්‍රයා වු, ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කථානායක වූ සර් ප්‍රැන්සිස් මොලමුරේ මහත්තයාටයි....
අනතුරුව එතුමාගේ මරණින් පසු, ඔහුගේ දියණිය සීතා මොලමුරේ මැතිනියට මෙය හිමි වුණා..
එහෙත් 1964 වසරේදී මඩුවන්වෙල වලව්ව හා එයට අයත් නින්ද ගම් රජයට පවරා ගැණුනා...
1972 වසරේදී මඩුවන්වෙල වලව්ව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගත්තා...
මේ වනවිට මෙරට ශේෂව ඇති වලව් අතරින් වැඩි ම ජනතා ආකර්ෂණය ලද මෙන් ම, ඕනෑම කෙනකුට නැරැඹිය හැකි වලව්වක් ලෙස ද මෙය හැඳින්විය හැකියි...
ඔයාලත් ගිහින් බලන්න.♥️පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
0 comments:
Post a Comment