අද අපි හදන්නේ හරිම විශේෂ සමෝසා එකක්. මොකද මේක හදන්න තෙල් බිංදුවක්වත් අපි පාවිච්චි කරන්නේ නැ.Healthy විදිහට තමයි අපි මේ සමෝසා හදන්නේ. දැන් බලමු මේ සමෝසා එක හදන්න අවශ්‍ය මොනවද කියලා..
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🥠 පාන් පිටි/ආටා පිටි 2 Cup
- 🥠 ලුණු රස අනුව
- 🥠 සූදුරු 2 tsp
- 🥠 තම්බා පොඩි කරගත් ලොකු අල ගෙඩියක්
- 🥠 කහ කුඩු ¼ tsp
- 🥠 මිරිස් කුඩු ¼ tsp
- 🥠 අමු මිරිස් අවශ්‍ය තරමට
- 🥠 ලූණු (සිහින්ව කපාගත්)
- 🥠 තම්බාගත් ග්‍රීන් පීස් ¼ Cup
✅ සාදා ගන්නා ආකාරය :
- මුලින්ම භාජනයක් ගෙන එයට පිටි, ලුණු, සූදුරු දමා කලවම් කර වතුර ටික ටික එකතු කරමින් හොද soft ඩෝ එකක් හදාගන්න. එම ඩෝ එක මිනිත්තු 30ක් රෙදි කැබැල්ලකින් වසා තබන්න.
- ඉන්පසු තම්බා පොඩි කරගත් අල ටිකට කහ, මිරිස් කුඩු, අමු මිරිස්, ලූණු, ලුණු දමා කලවම් කරගන්න.
- එම මීශ්‍රනයට ග්‍රීන් පීස් එකතු කර නැවත කලවම් කරගන්න.
- දැන් වසා තැබු ඩෝ එකෙන් පොඩි බෝල හදාගන්න.
- එම හදාගත් බෝලයක් රෝලින් පින් එකකින් හොදට තුනී කරගන්න.
- තුනී කරගත් කොටස දෙකට කපා එක කොටසක් ගෙන ත්‍රීකෝණයක් ආකාරයට නවා මැදට හදාගත් මීශ්‍රනයෙන් ටිකක් දමා වසාගන්න.
- දැන් ටිකක් ගැඹුරු භාජනයක් ගෙන එයට ලුණු හෝ වැලි දමා හෝදින් වසා අඩු ගින්දරේ මිනිත්තු 10 ක් තබාගන්න.
- ඉන්පසු සමෝසා Tray එකක තබා, හදාගත් භාජනය ඇතුලින් තබා මිනිත්තු 25 -30 ක් අඩු ගින්දරේ බේක් කරගන්න.
මේ Samosa එක හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
0 comments:
Post a Comment