අද අපි කතා කරන්න යන්නේ තවත් සුවීශේෂී පුදබිමක් ගැන...
අම්පාර දිස්ත්‍රීක්කයේ උහන ප්‍රදේශයේ පියංගල ගමේ තමා මේ ආරණ්‍ය තියෙන්නේ...
රජගල ඓතිහාසික කදුවැටියට නුදුරින් තමා පිහිටලා තියෙන්නේ...
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා භූමී අතරින් මේ භූමිය සුවිශේෂීයි...
ඒ මොකද දන්නව ද ඓතිහාසික සාධක සහිත ගල්ලෙන් හතළිහක් පමණද පැරැණි දාගැබ් පොකුණු සෙසු පුරාවිද්‍යා ස්මාරක හා ඉපැරැණි ආදීවාසී චිත්‍ර සහිත ස්ථාන රැසක් මෙහී තිබීම හේතුවෙන්...
අම්පාරේ සිට නුවර පාරේ සැතපුම් 30ක් පමණ දුර ගොස් බක්කිඇල්ල, රජගලතැන්න පසුකර වම් පසට වෙන්නට පියංගල ආරණ්‍ය සේනාසනයේ නාම පුවරුව හමුවෙනවාං...
කටාරම් කොටා බ්‍රාහ්මීය අක්ෂර සඳහන් ලේඛන සහිත ලෙන් 26ක් පමණ භූමිය පුරා විසිරී තිබෙනවා...
අතීතයේ කටාරම් කෙටූ ලෙන් කීපයක්ම වරිච්චි බිත්ති බැඳ කුටි බවට පරිවර්තනය කොට තිබෙනවා..
පළමුවෙන් හමුවෙන ලෙනේ බිත්ති බැඳ දාන ශාලාවක් ලෙසට සකස් කොටයි තියෙන්නේ...
එල්ලාවල මේධානන්ද හිමියන් මෙහි බොහෝ කාලයක් රැදෙමින් මෙම ලෙන්වල ඇති බ්‍රාහ්මීය අක්ෂර පිටපත් කොට පරිවර්තනය කර තිබෙන බව සදහන් වෙනවා...
පියංගල ආරණ්‍ය සේනාසන පරිශ්‍රය තුළ ගල්ලෙන් 50ට වඩා වැඩි ප්‍රමාණයක් දැකගත හැකි වෙනවා...
මෙම ආරණ්‍ය සේනාසනයේ ඇති ඇතැම් ලෙන්වල ඇති සෙල්ලිපි වැදගත් ඓතිහාසික තොරතුරු බොහෝමයක් හෙළි කර දී තිබෙනවා...
දුටුගැමුණු රජතුමා රජිතා නම් බිසවක් සමඟ විවාහ වූ බව කියැවෙනවා.. අබිතිස්සා දේවිය ඇගේ මව බව ද සදහන් වෙනවා....
එසේ ම දුටුගැමුණු රජතුමාගේ දියණිය ගැන ද තොරතුරු හෙළි කරගෙන තියෙනවා...
ඇය නමින් අබිතිෂය නම් විය.
දුටුගැමුණු මහරජුන්ගේ දියණිය සහ බෑණනුවන් විසින් මේ විහාරය කරවූ බවත් සදහන් වෙනවා..
මෙසේ විශාල තොරතුරු රාශියක් එම ලෙන්ලිපි මඟින් පැහැදිලි වෙලා තියෙනවා...
මේ ආරණ්‍ය කලක් කුරීරු ත්‍රස්තවාදී ආක්‍රමණ වලටද ලක්වෙලා තිබෙනවා...
මෙහි ඇති මිහිඳු ලෙන නමින් හැඳින්වෙන ලෙන් කුටිය අඩි සියයකට වඩා දිග වන අතර එහි උස අඩි 60 ට වඩා වැඩියි...
පියංගල සෙනසුනෙහි දක්නට ඇති කුඩා ස්ථුපය පෙර පැවැති නටඹුන් වූ ස්තූපයක ශේෂය මත ඉදිකරන ලද්දක් බව සදහන්...
මෙය ප්‍රමාණයෙන් කුඩා වුවද මෙම වනගත පරිසරයට එක්කරන ලද්දේ චමත්කාරජනක දර්ශනයක් කිව්වොත් නිවැරදී...
ඔබත් මෙහි ගියොත් මේ විහාරයේ අභිවෘද්ධිය සදහා දායකත්වය ලබා දෙන්න අමතක කරන්න එපා..
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏Travel for Education
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment