🌿 කොළ ඉත්තක් දිය බඳුනක දැමුවත් ජලය නිල් පැහැ ගන්වන අපූරු වර්ණකාරකයක් වන නිල් අවරිය හිසට සිසිල දෙමින් නිරෝගි නිල්වන් දිගු කෙස් කළඹක් වඩවා දෙන්නක්.
🌿 එය වේදනා නාශකයක්, ව්ෂ නාශකයක් , මුත්‍රාකාරකයක්, ලේ පිරිසිදු කරන්නක්, ලෙස ක්‍රියාකරමින් සිරුර නිරෝගිකර දෙනවා.
🌿 මීටර් 1-2 උසට වැඩෙන ශාකය අතුවලට ම ඇලුණු සුදු රෝම, දීප්තිමත් පත්‍ර, හා වසර පුරා පිපෙන රෝස දම් පැහැති අලංකාර ද්විලිංගික මල් පොකුරුවලින් සමන්ව්‍තයි.
🌿 කරල්, බීජ 8- 12 කින් යුක්තයි .
🌿ඇවරියක කෙසෙල් මෙන් වකුටු ස්වභාවයක් ගන්නා බැවින් ඇතැමුන් නිල් ඇවරිය ලෙස නම් කරනවා.
🌿True indigo නමින්ද හැඳින්වෙන ශාකය Fabaceae කුලයට අයත් වන්නක්.
🌿 මහා නීලි (මහ අවරිය) නීලිනී (අවරිය) යන ප්‍රභේදවලින් යුක්‍තයි .
🌿 වා සෙම් රෝග සමනය කරන අතර ශාක පංචාංගය ම රෝග, ප්‍රතිකාර සඳහා යොදා ගන්නවා. එම පංචාංගය යොදා අරීය පැණිය නිෂ්පාදනය කෙරෙන අතර පත්‍ර යොදා නීල්‍යාදි තෙල සකසනු ලබනවා.
🌿 දේශීය වෙදැදුරන් තෙල් සිඳුවීමට බහුලව යොදා ගන්නා නිල් අවරිය හිසකෙස් කළුවීමටත් වර්ධනය වීමටත් නිරෝගිවීමටත් හේතු කාරක වන බව සැළකෙනවා .
🌿 කක්කල් කැස්ස ඇදුම ක්ෂයරෝගය රතගාය මුත්‍රාබාධ, අර්ශස් වාත රක්ත ඉදිමුම් පණු රෝග කම්මුල් ගාය, මැලේරියා උණ සර්ප විෂ අක්ෂි දන්ත රෝග ආදිය පාලනය කිරීමට, ශාකය යොදා ගනු ලබනවා.
🌿 සර්ප දෂ්ට, මීයන්, පිස්සු බල්ලන් සපාකෑම්වලදී ඇතිවන විෂ දුරලීමට නිල් අවරිය කදිම ඖෂධයක් .
🌿 සර්ප දෂ්ටවලදී ඇතිවන දැවිලි ඉදිමුම් ආදියේදී ශාක මුල් හාල් පානු වතුරෙන් ගලගා ආලේප කරනු ලබනවා.
🌿 මී විෂට කොළ කලං 12 කෂායකර දෙනවා . ජලභීතිකාව සැදුණු විට කොළ කෂායට ගිතෙල් ,මිශ්‍රකර දෙනවා.
🌿 කුඩා දරුවන්ට සැදෙන රෝගවලදී නිල් අවරිය අගනා මෙහෙයක් ඉටුකරනවා
🌿 රතගාය සඳහා කොළ, හා කරල් එළඟිතෙලෙන් අඹරා බොන්නට දෙනවා.
🌿 පණුගාය සඳහා මල් හා කරල් එළඟිතෙලෙන් අඹරා බොන්නට දෙනවා.
🌿 තුවාල සෑදුණුවිට කොළ, අමුකහ සමග අඹරා ගල්වනවා .
🌿 ශාකයේ අමු කොළ ඖෂධ සඳහා වැඩි වශයෙන් යොදා ගන්නවා. කම්මුල් ගායට කොළ අඹරා ගානවා.
🌿රක්ත කුෂ්ට සඳහා කොළ තම්බා සෝදා ඇල් දියෙන් අඹරා ගාන අතර එමගින් වණ තුවාල ආදිය සුවවී මස් ලියලා වැඩෙන බවද සඳහන්.
🌿ක්ෂය රෝග ඇදුම පෙණහළු ඉදිමුම් වැනි ආබාධවලදී නිල් ඇවරිය මුල් චූර්ණය එළකිරි සමග, ලබා දෙනවා.
🌿 නිල් අවරිය මුත්‍රා ගල්වලට එරෙහිව ක්‍රියාකරන්නක් ලෙස ද සැළකෙනවා. මුත්‍රා අඩස්සිය සෑදුණු විට,පත්‍ර ලේපය යටිබඩෙහි ආලේප කිරීමෙන් සහනය ලැබෙන බව සඳහන්.
🌿ශාක දන්ඩෙන් දත් මැදීම දන්ත ආසාදන දුරුකිරීමට හේතුවනවා. දත් කැක්කුම ඇතිවූ විට ශාක මුල් සපා කෙළ ගිලීම සහන සලසන්නක් .
🌿මැලේරියා උණ සෑදුණුවිට නිල් අවරිය, කොළ මුල් සමග තම්බා බොන්නට දෙනවා.
🌿උඳුගොව්වා කෑමෙන් පීඩා විඳින්නන්ට ශාක කොළ වරා කොළ සමග උණුදියෙන් අඹරා ගෑමෙන් සුව ලබාගතහැකි බව සඳහන් . එසේම ශාක යුෂෙන් නියඟලා අල අඹරා ගෑමද හිතකර, බව දැක්වෙනවා.
✅පිළිස්සුම්වලට
🌿ශාක පත්‍ර කෝමාරිකා සමග අඹරා ගෑම සුදුසුයි.
✅උකුණන් වඳ කිරීමට
🌿ශාක ඇට රාත්‍රියේ මද්‍යසාරයෙහි ගිල්වා තබා පසුදින එම දියරය හිස ගා සම්බාහනය කිරීම ,පලදායකයි.
✅නිරෝගි නිල්වන් කෙස්කළඹකට
🌿නිල් අවරිය යුෂ බෝතලයකට, තැඹිලි තෙල් බෝතලයක් , ගොටු කොළ යුෂ හා නෙල්ලි යුෂ එක්කර , දෙකෙන් පංගුවට සිඳ හිස ගැල්වීම යහපත්.
විශ්මිත හෙළ ඔසු
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment