කොප්පර මඩුවේ රාත්‍රිය ගතකරන එක විලියොන් මාමාගේ සිරිතය..මඩුවේ කොප්පර විශාල ප්‍රමානයක් දිනපතා වේලනු ලබයි දහවල් කාලයේදී ඔහුගේ පියානන් වු සීලිං සීයා සමග එක්වි කොප්පර වේලීම සිදුකර රාත්‍රි කාලයේ දී මඩුවේ හා කොප්පර වල ආරක්ෂාව වෙනුවෙන් රැය පහන් කරනු ලබන්නේ එහිමය.
ඇගේ පතේ මහන්සිය දුරුවන්නට විලියොන් මාමා විසින්ම උදේ රැයෙන්ම ගහෙන් බාගත් රාමුට්ටිය සමග සැන්දෑ යාමේ හාද වීම ඔහුගේ දිනචරියාවේ කොටසකි සිය තෙවැනි පුතුගේ සිතැගි හදුනන සීලිං සීයා හාමිනේ සකසා දුන් බත් මුලට අමතරව කටගැස්මක් රැගෙන එන්නට අමතක නොකරයි. කොප්පර මඩුවට සැතපුම් කාලක් පමණ දුරින් පිහිටි නිවසේ රැය පහන්කල දිනක් විලියොන් මාමාට මතක නැත අවුරුදු විස්සට කිට්ටු වෙච්ච සංදියේදි ඉදන් අවුරුදු තිහක් වෙච්චි මේ කතාව සිදුවූ කාලය තුරාවටම ව්ලියොන් මාමා නැත්නම් ඒ කාලයේ හැටියට විලියොන් තරුණයාගේ නිදියහන වූයේ මේ කොප්පර මඩුවයි.. සීලිං සීයා බත්මුල මඩුවේ රැදවුම් කුටියේ තබා පුතුට දියනා ගැනීමට ඉඩ ලබාදී කොප්පර මඩුවේ ඉතිරි කටයුතු සිදුකරයි.
දියනා පැමිණි විලියොන් මාමා ගිනිමැලයක්ද අවුලුවා පියානන් පිටත්ව ගියපසු ලංතෑරුම සිය කුටියේ රදවා කටගැස්ම ලෙසට තිබූ බැදපු වැව්මාලු කූරියන් සමග රා මුට්ටියම සප්පායම් වූයේය .. ඉන් ඉක්බිති පලාත දෙවනත් වන්නට සීපද කීම ඔහුගේ විනෝදාංශයයි අවිවාහකයෙක් වූ විලියොන් මාමා සිය පාලුව තනිකම කාන්සිය මකා ගත්තේ ඒ අයුරිනි ඔහුගේ මධුර මනෝහර සීපද හඩ රැව් පිලිරැව් දුන්නා ගම්මානය පුරා... එදා උදුවප් මාසේ සීතල රැයක් එදත් සුපුරුදු ලෙසින් ඒ විදියටම කාලය ගෙවීගියා .....
නමුත් අනපේක්ෂිත සිද්ධියක් සිදුවුණා ඒ රාත්‍රියේදී ගෙජ්ජි නාදයක් හෝ ගෙජ්ජි වැලක් සැලෙන හඩක් අැසෙන්නට උනා කොප්පර මඩුව ආසන්නයෙන් ... සීපදය නතර කල විලියොන් තරුණයා කෑලි පහේ ටෝච් එක දල්වාගෙන ආරක්ෂාවට අැති කඩුවද සරම් පොටේ සගවා ගෙජ්ජි නාදය අැසුන කොප්පර මඩුව පිහිටි පොල්වත්තේ පහලට ගමන් කලා කොප්පර මඩුව දෙසට හෙමින් හෙමින් පැමිණි අමුත්තිය මුණගැසුණෙ එවිටයි ඒ සුදු පැහැති නාබර එලදෙනකි උබ හෙට අයිතිකාරයාට භාරදෙන්නම් කෙල්ලේ. පවසමින් එලදෙන මඩුව ආසන්නයේ පොල්ගසක ගැට ගසා සිය කුටිය වෙත පැමිණියා ඔහු ..... පුදුමයකි එහි උන්නා තවත් අමුත්තියක් අැය සුරූපී ලදකි ... ඔහු පුදුමයෙන් විමසුවා කවුද ඔබ කුමක් නිසා මෙහි පැමිණියේද මේ රාත්‍රියේ තනිපංගලමේ .. අයියා මගේ එලදෙන මේ පැත්තට මංමුළා වෙලා අැවිත් මම ඌව හොයාගෙනයි ආවේ ආන් එලදෙන ඉන්නවා මම ගහක ගැටගැහුවා ඔයා කොහෙද මම අැරලවන්නම් ගෙදරට... අනේ අයියා මම ගම් දෙකකට එහා මට උදව්වක් කරනවද තරහ නැතිව ... ඔව් මොකක්ද උදව්ව කියන්න ... මට අද රෑට නවාතැන් දෙන්න පුලුවන්ද මෙහෙ ... ගැහැණු කෙනෙක් කොහොමද මේ රාත්‍රියේ තනිපංගලමේ යන්නේ හා එහෙනම් ඉන්න මේ පැදුරු කෑල්ලේ තමා දෙන්නටම ඉන්න වෙන්නේ ... ඒකට කමක් නැහැ අයියා ... විලියොන් මාමා සිය බත් පතෙන් කොටසක්ද අැයට තිලිණ කලා සුන්දරම සේද සුදු ගවුමකින් සැරසුණු අැය පෙනුමෙන් ලමාතැනියක් ලෙසින් දිස්වූයේ ... ඝන අන්ධ කාර රාත්‍රිය උදා වූ නිසා දෙදෙනා පැදුරු කඩමල්ලේ ගුලි උනා සෙමෙන් අෑ විලියොන් තරුණයාගේ ගතට තුරුලු උනා නුහුරු නුපුරුදු ගැහැනියකගේ උනුසුමට ඔහුත් රහසින්ම ලොභ උනා ඒ රාත්‍රිය විලියොන් මාමාගේ ජීවිතයේ සුන්දර රාත්‍රියයි ............... පසුවදා අවදි වී බලද්දී ඒ සුන්දර ගැහැනිය සිටියේ නැහැ පොල් ගසේ ගැට ගසා එලදෙන නම් එලෙසින්ම සිටියා ඒ රාත්‍රියේ ඔහු සොයා පැමිණි අද්භූත ගැහැනිය කවුද ඉන්පසු කිසිදිනෙක විලියොන් මාමාට අැය මුනගැසුනේ නැත
ඇය අමනුෂ්‍යයෙක් නම් ඇගේ ස්පර්ශය දැනුනේ කෙසේද... අැය මෝහිනී නම් අවතාරයද...? නැත්නම් මනුෂ්‍ය දුවක්ද අදටත් නොවිසඳුණු ගැටලුවකි.
0 comments:
Post a Comment