Song Title : Me Geeya Gayuwe (මේ ගීය ගැයුවෙ)
ගායනය : චන්දන ලියනාරච්චි
සංගීතය : රොෂාන් ප්රනාන්දු
පද රචනය : නයනසේන වන්නියනයක
මේ ගීය ගැයුවෙ මා උනත්
ඒ ගීයෙ පද නුඹේ
මා හීන ලොවක රඳවලා
කොතනකද ඔබ ගියේ
දේඳුන්න සේම පායලා
ලස්සන අහස් තලේ
ඒ රුව මකා දමා
වැහිකළු එලා තියේ
මා දන්න කියනා හැමතැනක්
ඒ සිනා හඬ ඇසේ
මේ කඳුළු අරන් යනවාද
පාවෙන වලාකුලේ
මේ ගීය ගැයුවෙ මා උනත්
ඒ ගීයෙ පද නුඹේ
මා හීන ලොවක රඳවලා
කොතනකද ඔබ ගියේ
මේ ගීය ගැයුවෙ මා උනත්
ඒ ගීයෙ පද නුඹේ
මා හීන ලොවක රඳවලා
කොතනකද ඔබ ගියේ
0 comments:
Post a Comment