Ma Langama Song Lyrics - මා ළඟම ගීතයේ පද පෙළ

Song Title : Ma Langama (මා ළඟම)
Vocals : Piyath Rajapakse , Kushani Sandarekha
Lyrics : Nisal Gamage
Melody : Lahiru De Costa 
Produced By Lahiru De Costa


මා ළඟම සුරතේ දැවටිලා
ආ ගමන සුබ සේ ඇරඹුනා
තව නුහුරු හැඟුමක් මගෙ වෙලා
ජීවිතය දැනුනේ ඔබ නිසා

දුර ඈත සිටන් එදා
ලඟ මෑත හිතක් තියා
සසරේ ම හුරු නිසා
හමුවීමකින් සැනසුනා

ආදර කතා හැබෑවක් වෙනා
ලෙසින් මං හිඳින්නම් තුරුලට වෙලා
තුරුලට වෙලා
නිති සිහිවෙලා සිනාවක් ගෙනා
ඔබෙන් මං ලබන්නේ හැඟුම් රස දෙනා
ඈත නිලඹර පුරා දුටුවේය ආලේ රටා
අතින් අත් බැඳන් යං අනන්තය සොයා

දුර ඈත සිටන් එදා
ලඟ මෑත හිතක් තියා
සසරේ ම හුරු නිසා
හමුවීමකින් සැනසුනා

සත්සර මුසුකොට තාල රටාවට
අතැඟිලි බැඳෙන දිනයි
ඒ ළාහිරු දැවටුන සංවර හිරුමල
ආකර්ශනිය නුඹයි

කිරිකෝඩු හිත කී පෙම් කතා
ඔබ ගාව තුරුලේ නැලවිලා
තව නුහුරු හැඟුමක් මගේ වෙලා
ජීවිතය දැනුනේ ඔබ නිසා

දුර ඈත සිටන් එදා
ලඟ මෑත හිතක් තියා
සසරේ ම හුරු නිසා
හමුවීමකින් සැනසුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment