මගේ හිතේ තිබුණු ආශාවක් ජැම් පාන් හදන්න . අද මම ☕ වෙලාවට කන්න හැදුවා. වැඩේ සාර්ථකයි. හොදට ආවා. ඔයාලටත් ගෙනාවා. හරිම රසයි . මෙහෙමයි හැදුවේ .
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- පාන් පිටි 250g (කප් 2)
- මාජරින් 25g (මේස හැදි 2 )
- සීනි 20g (මේස හැදි 1 1/2)
- ඊස්ට් තේ හැදි 1
- කිරිපිටි මේස හැදි 1
- ලුණු තේ හැදි 1
- මද උණුසුම් වතුර 140ml (කප් 1/2)
- ස්ට්‍රෝ බෙරි ජැම් මේස හැදි 6
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව කෝප්පයකට මද උණුසුම් වතුර මේස හැදි 5 දමා එයට සීනි වලින් අඩක් සහ ඊස්ට් දමා කලවම් කර විනාඩි 10 පිපෙන්න තබන්න .
- භාජනයකට පාන් පිටි දමා එයට ලුණු , කිරිපිටි සහ මාජරින් දමා මිශ්‍ර කරන්න . දැන් එයට සාදා ගත් ඊස්ට් මිශ්‍රණය එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව ඉතිරි වු වතුර ටික ටික දමමින් සොෆ්ට් ඩෝ එකක් සාදා ගන්න . මෙම ඩෝ එක විනාඩි 10 පමණ නීඩ් කරන්න .
- පිටි ඇනු භාජනයේ තෙල් යාන්තමට ගාන්න. අත් දෙකෙත් තෙල් යාන්තමට තවරා පිටි ඩෝ එකේ ගා භාජනයේ තබා සව්යට් එකකින් වසා පැයක් පමණ පිපෙන්න තබන්න .
- පැයකට පසු පිටි මෝලිය සමාන කොටස් 6 කර වෙන් කර බෝල සාදන්න.
- දැන් එක බෝලයක් ගෙන පිටි තැවරු ලැල්ලක් මත රවුම් හැඩයට තුනී කර එක කොනක ජැම් තවරා (පහල පින්තූරයේ පෙන්වා ඇති පරිදි ) අනික් කොන නවා වටේ තද කරන්න .
- ප්ලාස්ටික් මුඩියකින් එම වටේ ලකුණු කරන්න . එලෙස සියල්ලම සාදා නැවත සවියට් එකකින් වසා විනාඩි 15 පමණ තබන්න .
- විනාඩි 15ට පසු එම ජැම් පාන් මත පොල් තෙල් තවරා සීනි ඉසින්න.
- දැන් පාච්මන්ට් කඩදාසියක් එලා එය මත පිටි ඉස සාදා ගත් ජැම් පාන් තබන්න .
- දැන් අවන් එක උෂ්ණත්වය 200ට විනාඩි 10 පෙර රත් (pre heat) කර ට්‍ර් එක තබා විනාඩි 20,බේක් කරන්න .
Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment