මම අවතාර, හොල්මන් යනාදිය එපමණ විශ්වාස නොකරමි, නමුත් විද්‍යාවෙන් විස්තර කල නොහැකි අත්භූත සිදුවීම් කිහිපයකට මුහුණ දී ඇත්තෙක්මි. ම විසින් මෙහි අද පළකරන මෙම සිද්දිය මාගේ පියාණන් විසින් මුහුණ දෙන ලද්දකි. මෙම සිදුවීම 1980 ගනන් වල මොණරාගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක වු සිදුවීමකි.
මාගේ පියාගේ ප්‍රථම පත්වීම ඉහත කී පාසලටය. එකල තනිකඩයෙකු වු මා පියාට එම පාසලේ නිල නිවසක්ද හිමිවිය. එහි කාමර 3 ක් තීබී ඇති අතර තව ගුරුවරුන් 2 නෙකුම නතර වී සිට ඇත. ඉන් එක් අයකු මහණ වී සිට සිවුරු හැර ආ අයකු විය. එම නිල නිවස තුල කිසිදු කරදරයකින් තොරව 3 දෙනාම වාසය කර ඇත. කතාව පටන් ගන්නේ මෙසෙ ටික් කාලයක් ගෙවී ගිය පසුය.
දිනක් මා පියාට දෙහි මල්ලක් ලැබී ඇත. එකල එහි ශීතකරණද නැති බැවින් හා දෙහි යනු වටිනා දෙයක් බැවින් තුන්දෙනාම කතා වී එම දෙහි වලින් ලුණු දෙහි දැමීමට සූදානම් වී ඇත. නමුත් පොඩ් ප්‍රශ්නයක් තිබීණි එනම් ලුණු දෙහි දැමීමට සුදුසු බෝතලයක් නොතිබීමයි. පසුව තරම්ක විශාල බෝතලයක් පාසලේ විද්‍යාගාරයේ ඇති බව මා පියාට මතක් වී ඇත. එය කිසිවකට යොදා නොගන්නා බැවින් තිදෙනාම කතාවී එම බෝතලය නිල නිවසට ගෙනැවිත් තිබේ.
ලුනුදෙහි දැමීමට බෝතලය හොදින් සෝදා වේලිය යුතුය. තව දෙහිද කපා වෙලිය යුතුය. කෙසේ හෝ බොතලය ගෙනැවිත් ඇත්තේ පාසල් වේලාවෙන් පසුවය. එම බෝතලය ගෙනා වෙලේ පටන් නිල නිවසේන් කුණු ගදක් ගසන්නට පටන් ගෙන ඇත. කෙතෙක් සෙවූවද එම ගද එන්නෙ කොහෙන්දැයි සොයා ගැනීමට නොහැකී වී ඇත. පසුව මා පෙර සදහන් කල අනික් ගුරුතුමා කියා ඇත්තේ මෙය පෙරෙත ගදක් බවයි. ඔහු මේ දේවල් තරමක් දන්නා බැවින් පිරිත් කියා නූල් බැද ඇති අතර බොතලය නැවත පාසලෙන් ගෙනගොස් තබා ඇත. බොතලය අයින් කල පසු අර ගදද නැතිවී ගොස් ඇත.
පසුව බොතලය පිළිබදව මගේ පියා එහි මුරකරුගෙන් විමසා ඇත. ඔහු කියා ඇත්තේ අත්භූත කතාවකි, ඔහුගේ වචනයෙන්ම එය ලීවිම හොදයැයි සිතුනි,
"සර්, ඔය බෝතලේනේ අපේ කලින් හිටිය ඉස්කෝලේ මහත්තයෙක්ගෙ මොලේ දාලා තිබ්බේ. ඒ මහත්තයත් හිටියෙ සර්ලාගෙ කමරේමයි, ඒකෙම බෙල්ලෙ වැල දාගෙන මැරිලා හිටියා, ඉස්කෝලෙමයි මිනිය තිබ්බෙත්. හැබයි ඒ මොලේ කොහොම ගත්තාද කියන්න මං දන්නෙ නෑ. ඒ බොතලේ මොලේ දාලා කල් තියාගන්න එවත් දාලයි තිබ්බෙ හැබැයි නිකන්ම කුණු වුනා පස්සෙ අයින් කලා. දැන් හිස් බොතලේ ඇති ඇයි සර්ලාට මොකටද ඒක."
0 comments:
Post a Comment