තෝසේ කන්න රසට හදන තෝසේ සම්බෝලය හදන්නයි යන්නේ. මේක හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🥥 රතු ළූණු ගෙඩි 6ක්
- 🥥 සුදු ළූණු ගෙඩි 6ක්
- 🥥 සියඔලා ඇට 5ක ඉස්ම
- 🥥 අගලක පමණ ඉගුරු කෑල්ලක්
- 🥥 මිරිස් කුඩු (රස අනුව)
- 🥥 ලුණු කුඩු (රස අනුව)
- 🥥 බෑයක පොල්
- 🥥 කරපිංචා ඉති 2-3ක්
✅ සාදා ගන්නා ආකාරය :
- Blender cup එකට ඉහත සියල්ල දමා Blender කරන්න.
- නැවත වරක් වතුර ටිකක් දමා Blender කරන්න. (ඔයාලා කැමති ලෙස වතුර දමා දියගතියට හදාගන්න.)
- මේ තොසේ සම්බෝලය තවත් රසවත්කර ගැනීමට තෙම්පරාදු කරමු.
✅ තෙම්පරාදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය :
- 🥥 වියළි මිරිස් කරල් 4-5
- 🥥 කරපිංචා ඉත්තක්
- 🥥 රටළූණු ගෙඩි භාගයක්
- 🥥 සුදුළූණු බික් 2-3
- 🥥 අබ ස්වල්පයක්
- 🥥 සූදුරු ස්වල්පයක්
- 🥥 පොල්තෙල්
✅ සාදා ගන්නා ආකාරය :
- Pan එකට තෙල් දමා රත්වු පසු අබ සූදුරු එකතු කරන්න. අබ පුපුරන විට කරපිංචා වියළි මිරිස් එකතු කර ටික වෙලාවක් කළවම් කර රටළුෑණු සුදුලුණු එකතු කර රන්වන් පාට වනතෙක් බැඳ ගන්න.
- ඉන්පසු හදාගත් සම්බෝලය එකතු කර ඔයාලා කැමති දිය ගතියට සම්බෝලය හදා ගන්න. (වතුර අවශ්‍ය පමණ දමා ගන්න.)
0 comments:
Post a Comment