Song Title : Sudu Asu Pita Nagala (සුදු අසු පිට නැගලා)
ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය : අර්නස්ට් සොයිසා
ගී පද : හඩ්සන් සමරසිංහ
සුදු අසු පිට නැගලා
මංගල රථයේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා //
සිහිනෙන් වගේ මැවිලා පෙනේ
මාගේ හදේ මිහිරක් දැනේ //
ආලේ ඔබේ මටනේ ප්‍රියේ //
සුදු අසු පිට නැගලා
මංගල රථයේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා //
මධු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි
බඹරුන් හඬන්නේ මල් හී විදින්නයි
දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
මනමත් කරන්නේ මල් හී සරාමයි
හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි //
සුදු අසු පිට නැගලා
මංගල රථයේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා //
0 comments:
Post a Comment