Song Title : Sarathasa Niwa Diwi Kathare (සරතැස නිවා දිවි කතරේ)
ගායනය : ප්‍රියා සූරියසේන
සංගීතය : එම්. කේ. රොක්සාමි
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
වියළුණු දෙතොල් සිසිලෙන් තෙමා
පුබුදා උපුල් නෙත් යුග යොමා
රණ මයුරියක ලෙසින් හද තුල සැරි සරා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
සඳවත ඉතින් පල නැහැ ප්‍රියේ
ඔබෙ වත ළඟින් මගේ වත තියේ
හෙට යයි තවත් දිනක් මට ඇත ඔබ නිසා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
0 comments:
Post a Comment