අද මන් අරන් අවේ ගොඩාක්ම ගොඩාක් ලේසි , ප්‍රදානම අමුද්‍රව්‍ය 02 ක් පාවිච්චි කරලා හදාගන්න පුලුවන් අයිස් ක්‍රීම් රෙසිපි එකක් .😋😋විශේශයෙන්ම මේකට විපින් ක්‍රීම් ,ෆ්‍රෙශ් මිල්ක් මොකුත් ඕන නෑ, ගෙදර තියන පොල් වලින් ගත්ත හොද උකු පොල් කිරි විතරයි අවශ්‍ය .
✅ අවශ්‍ය දෑ :
- උකු පොල් කිරි 400 ml (පොල් කිරි එක නිවැරැදිව සාදාගන්න ආකාරය පහලින් දාන්නම්)
- පලතුරු 130 g (කෙසෙල් ,අබ ,අලිගැටපේර මේ කැමති පලතුරක් ගන්න පුලුවන්. පොඩි කෑලි කපාගෙන කිරලා ගන්න)
- මී පැනි හෝ කිතුල් පැනි මේස හැදි 2 ක් (සීනි උනත් ගන්න පුලුවන්)
- වැනිලා තේ හැදි 1 ක්
✅ සාදන ආකාරය :
- මුලින්ම පොල් කිරි ටික උකුවට මිරිකා ගන්න. දැන් පොල් කිරි ටික ලිප තියලා කැටි නොගැසෙන ලෙස හැදිගාමින් හොදින් රත් කරගන්න.
- දැන් ටිකක් පොල් කිරි ටික නිවෙන්න තියලා පොල් කිරි ටික ෆ්‍රිජ් එකේ පැය 2 ක් 3 ක් පමන තියලා තියන්න. දැන් ඔයාට පොල් කිරි සහ වතුර යටට බැහැල තියනවා පේනවා. එතකොට හැන්දකින් උඩ තියන උකු කිරි ටික පරිස්සමට වෙන් කරලා ගන්න, යට වතුර ටික අයින් කරන්න.
- මේ විදිහට ගත්ත කිරි ටිකට ,ඔයා ගන්න පලතුරු කෑලි ටික දාගන්න. ඔයා ගත්තපැනි හෝ සීනි දාගන්න. වැනිලාත් එකතු කරගන්න.
- දැන් මේක බ්ලෙන්ඩර් එකට දාගෙන හොදට විනාඩි 2 ක් පමන බ්ලෙන්ඩර් කරගන්න .
- දැන් මේ මිශ්‍රණය සුදුසු බාජනයකට දාගෙන පැය 2 ක් 3 ක් පමන ෆ්‍රිජ් එකේ තියන්න .( උඩ කොටසේ ).
- පැය දෙකකින් පසු අයිස් ක්‍රීම් මිශ්‍රණය එලියට අරන් නැවත විනාඩි 2 ක් 3 ක් පමන හොද ක්‍රීම් ගතියක් එනකන් බ්ලෙන්ඩර් කරගන්න ඕන.
- දැන් අපි කලින් බාජනයටම අයිස් ක්‍රීම් මිශ්‍රණය දාලා පැය 4 ක් 5 ක් පමන ෆ්‍රිජ් එකට දාගන්න.
- පැය 4 ක් 5 කින් පස්සෙ අයිස් ක්‍රීම් එක එලියට අරන් ඔයාලට රස බලන්න පුලුවන්.ඇත්තටම කිරි පාවිච්චි කරලා හදනවාට වඩා මේ පොල් කිරි අයිස් ක්‍රීම් එක හරිම රසවත්. ඔයාලත් හදලා බලන්නකෝ.
Cook with Manuu
0 comments:
Post a Comment