1. බළන්ගොඩ
2. මොරටුව
3. කොල්ලුපිටිය
4. කොළඹ
5. සියඹලාණ්ඩුව
6. කුණ්ඩසාලේ
ශනි ග්‍රහයා සහ ගුරු ග්‍රහයා අතර සිදුවන ග්‍රහ යුද්ධයකදී පහර කෑමට ලක් වන ශනි ග්‍රහයාගේ කුණ්ඩලාභරණය මහ පොළොව මත පතිත වන බව දුටු බ්‍රහ්මණයන් ගණනාවක් ලංකාවට පැමිණ කූඩාරම් ගසාගෙන තිබෙනවා. එහිදී එක්තරා බ්‍රාහ්මණයෙක් කුණ්ඩලාභරණය පොළොව මත පතිත වන තැන නොව එම ආභරණය බිම පතිත වීමෙන් පසුව විසික් වී වැටෙන තැන කූඩාරම ගසා ගන්නට කටයුතු කර තිබෙනවා. මේ නිසා එම ස්ථානයේ සිටි බ්‍රාහ්මණයාට කුණ්ඩලාභරණයේ අයිතිය හිමිව තිබෙනවා. එතැන් පටන් තමයි මෙම ප්‍රදේශය කුණ්ඩසාලය බවට පත්ව තිබෙන්නේ.
7. මීගමුව
8 . නුගේගොඩ
මහින්ද කුමාර දළුපොත මහත්මයාගේ “මේ ගමට නම හැදුනු හැටි” පොතේ සඳහන් වෙන විදියට නම්, නුගේගොඩ නගරයට නම හැදිලා තියෙන්නේ මෙහේ තිබුණු ලොකු නුග ගහක් නිසයි.
කෝට්ටේ කිට්ටුව පිහිටලා තියෙන නුගේගොඩ ඒ කාලේ වගුරු බිමක්. දැනටත් දියවන්නාව, නුගේගොඩ ආශ්‍රිතව තැනින් තැන පිහිටලා තියෙන වගුරු බිම්, මේ කතාවට සාක්කි සපයන හොඳම උදාහරණයක්. ඒ කාලේ මේ පැත්තේ තිබුණු දිය පාරක් අද්දර තමයි අර කලින් කියපු විසාල නුග ගහ තිබිලා තියෙන්නේ. ඉතින් ඒ දිය පාර තරණය කරන්න මිනිස්සු පාවිච්චි කරලා තියෙන්නෙත් මේ නුග ගහේ පහළට එල්ලිලා වැටෙන නුග මුල් ලු. නුග ගහෙන් එගොඩ වෙලා යන්න පුරුදු වුණු මිනිසුන් නිසා, කාලයක් යද්දී මේක “නුගෙන් එගොඩ” බවට පත්වෙලා තියෙනවා. නුගෙන් එගොඩ, පස්සේ කාලෙකදී “නුගේගොඩ” බවට පෙරළුණු බව තමයි කියැවෙන්නේ.
9 . ගාල්ල
ගාල්ල නගරය අද ලංකාවේ තියෙන ප්‍රධානම සංචාරක පුරවරයන් අතුරින් එකක්. අතීතයේදී පවා වෙළඳ, සංචාරක අංශවලින් ගාල්ලට තිබුණු ජනප්‍රියතාවය, ඉබන් බතූතා, වස්කෝ ද ගාමා වගේ දේශාටකයන්ගේ වාර්තාවලිනුත් පෙන්නුම් කරනවා. ඉස්සර කාලේ වෙලදාම් වැඩවලට වැඩිපුරම පාවිච්චි වුණේ ගොන් කරත්තනේ. ඒ වගේ කරත්ත ගාල් කරලා තියපු ප්‍රදේශය “ගාල” වූ බවටත්, පසු කාලීනව “ගාල්ල” බවටත් පෙරළුණු බවට මතයක් ජනප්‍රවාදයේ තියෙනවා.
10 . මාතර
මාතර නගරයට නම හැදුණු විදි කිහිපයක්ම ගැන ඉතිහාසය සාක්කි දරනවා. දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ සෙල්ලිපිවල සඳහන් වෙන විදියට, මහාතීර්ථය නම් වෙළඳ මධ්‍යස්ථානයක් දෙවි නුවර කිට්ටුව තිබිලා තියෙනවා.
නිල්වලා ගඟ ගලා බසින්නේ මාතර නගරය මැදින්. එයින් එතෙර වෙන්න තිබුණු විශාල තොට යන්න අර්ථවත් කරන්න දාපු නම “මහ තොට” විදියටත්, මාතර යන්න එකෙන් නිර්මාණය වුණු නමක් බවත් ඇතැම් අය විශ්වාස කරනවා.
පෘතුග්‍රීසි ජාතික කිව්රෝස් පූජකයාණන් කියලා තියෙන විදියට නම්, අද අපි කියන මේ මාතර විශාල බලකොටුවක්. ඒ නිසා “මාලා තොට” විදියට මේක හඳුන්වපු බවත්, පසුව ඒක “මාතර” වුණු බවත් ජනප්‍රවාදයේ කියනවා.
11. වත්තල
මේ නම හැදුණු විදි දෙකක් ගැන, අපේ ජනප්‍රවාදයේ කියැවෙනවා. එකක් තමයි “වත්හල” යන වචනයෙන් වත්තල කියන නම හැදුණු බව. ඉස්සර තිබුණු ඇඳුම් කර්මාන්තශාලාවක් නිසා, මේ නම ඊට පටබැඳුණා ලු. “වත්” යන්නෙන් වස්ත්‍ර ද, “හල” යන්නෙන් ශාලාව ද අර්ථවත් වෙනවා.
කේ. ජයතිලක මහත්මයා කියන විදියට නම්, තිසර සංදේශයේ “වස්තු ශාලාව” විදියට සඳහන් කරලා තියෙන්නේ වත්තල ගැන ලු. වස්තු ශාලාව, “වත්හල” වූ බවත්, පස්සේ කාලේදී ඒක වත්තල වුණු බවත් තමයි ඔහුගේ මතය.
12 . කොග්ගල
කොග්ගල කියද්දී අපට මතක් වෙන්නේ උපාලිවයි, ජින්නාවයි. ඒ මාර්ටින් වික්‍රමසිංහයන් “මඩොල් දූව” පොතෙන් අපට එකතු කරපු මතකයන් නිසායි. කොග්ගලට නම හැදුණු විදියත් ඒ වගේම හරි අපූරු කතාවක්.
කොග්ගල කියන්නේ කලපුවක් වග ඔයාලා දන්නවා ඇති. කඩොල් ගහණ පරිසරයක් වගේම, කොක්කුත් මේ හරියේ හොඳ හැටියට ඉන්නවා. ඉතින් මේ කොග්ගල ජලාශය මැද්දේ තියෙන ගල් පර්වතවල තමයි මේ කොක්කු ලැගලා ඉන්නෙත්. “කොකුන් ලැග ගත් ගල” යන තේරුම දෙන්න එය “කොක්ගල” වූ බවත්, ඊටපස්සේ ඒක කොග්ගල වුණු බවටත්, බොහෝ දෙනාගේ මතයක් තියෙනවා.
13 . යක්දෙස්සාගල
ඇතෙක්ගේ හැඩේ ගත්ත ඇතාගල, කුරුණෑගල තියෙන බොහොම ප්‍රසිද්ධ පර්වතයක්. මීට තරමක් එහායින් තියෙන යක්දෙස්සාගල, ලංකාවේ ඈත ඉතිහාසයේ කොටසක් හංගාගෙන ඉන්න තැනක්.
ලංකාවේ පළමුවෙනි රජතුමා විදියට හැඳින්වෙන්නේ “විජය” රජතුමායි. ඔහු මුලින්ම විවාහ කරගත්තේ කුවේණි නම් යක්ෂ ගෝත්‍රයට අයත් කාන්තාවක්. නමුත් තමන්ගේ රාජ්‍ය බලය තහවුරු කරගත්තට පස්සේ, ඉන්දියාවෙන් එන වෙනත් කුමරියක්ව කසාද බැඳගන්න විජය රජතුමා, කුවේණිවත් ඔවුන්ගේ දරුවන් දෙන්නාවත් මාලිගාවෙන් පළවා හරිනවා.
තමන්ට වුණු අසාධාරණය ගැන විජය රජතුමාට දෙස් දෙවොල් තියන්න, කුවේණිය පාවිච්චි කලේ අපි අද “යක්දෙස්සාගල” නමින් හඳුන්වන පර්වතයයි. “යක්ෂ ගෝත්‍රික කතක් දෙස් දෙවොල් තැබූ ගල”, මේ විදියට “යක්දෙස්සාගල” වුණු බවට මතයක් තියෙනවා.
14 . නිට්ටඹුව
ඔබ මීට කලින් නිත්තෑවන් හෙවත් නිට්ටෑවන් ගැන අසා තිබෙනවා වන්නට පුලුවන්. ශරීරය පුරා ලෝම පිරුණු, දිගු නිය ඇති, ශරීරයෙන් ඉතා මිටිවූ, ගල් ගුහා, උමං තුළ කණ්ඩායක් ලෙස ජීවත් වූ වඳ වූ ජන කොට්ඨාශයක් ලෙස නිත්තෑවන් හැඳින්විය හැක. පුරා විද්‍යාත්මක කැණීම් වලින් නිත්තෑවන් පිළිබඳ විධිමත් සාධක හමු නොවූවත් මෙම පුරාවෘත වලින් අපට ඔවුන් පිළිබඳ තොරතුරු රැසක් දැන ගත හැක. ගම්පහට නුදුරු නිට්ටඹුව මෙන්ම මහනුවර නිත්තවල යන ගම් හා බැඳුනු ජනප්‍රවාද මෙම නිත්තෑවන් ඇසුරු කොට ගෙන ගොඩ නැගුනු ඒවා විය හැකියි.
15 . කිරුළපන
කෝට්ටේ රජ සමයේ මෙම ස්ථානයට කිරුළ (මෙහිදී කිරුළ යනු රජ වාසල වෙනුවට යෙදු නමක් ලෙස අපට අනුගමනය කල හැකියි ) පෙනී ඇති බැවින් ‘කිරුළ පෙනේ’ ලෙස නමක් පටබැඳි ඇත. එය පසු කාලයේදි කිරුළපන ලෙස ස්ථාපනය වුණි.
16 . ලැමසූරිය
හඟුරන්කෙත ලැමසූරිය යනු නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ගමකි. ලංකා සිවිල් සේවයේ නිලධාරියකු වූ ජේ. ආර්. මසූරියර් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ රජයේ උප ඒජන්තවරයා ලෙස කටයුතු කල අතර දුම්බර රටේ ටිකිරි බණ්ඩා පානබොක්කේ මහතා සමඟ උඩරට නීතිය සම්බන්ධ විශිෂ්ට කෘතියක් වන “නීති නිඝණ්ඩුව” සම්පාදනය කරනු ලැබුවා. මසූරියර් මහතා කල සේවය සිහි වනු පිණිස ලැමසූරිය නමින් ගමට නමක්ද එකතුවිය.
17 . වීරකැටිය
දකුණු පළාතේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි වීරකැටිය ගම්මානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් ගමයි. වළගම්බා රජ්ජුරුවෝ යුද්ධයට සේනාවන් එක් රැස් කල ස්ථානය, “වීරයින් කැටි කර ගත්” වීර කැටිය ලෙස ප්‍රචලිත උනා.
18 . බෝතලේ
ශ්‍රී ලංකාවේ පලමු අග්‍රාමාත්‍යවරයා වන ඩී.ඇස් සේනානායක මහතා උපත ලැබුවේ ගම්පහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝතලේ ගම්මානයේදීය. සේනානායක වලව්ව සහ මිනිරන් පතල් පැවති ස්ථානයක් හැටියට බෝතලේ ගම ප්‍රසිද්ධයි. බෝතලේ නම හැදුනු හැටි සම්බන්ධයෙන් ක්‍රිස්තුවර්ෂ තුන්වැනි සියවස තෙක් දිගු වන වටිනා පුරාවෘතයක් තිබෙනවා. රාජ්‍යත්වය අහිමි වීමෙන් වන වැදුණු සිරි සඟබෝ රජතුමාගේ මෘත ශරීරය සොයා ගෙන ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය කුමරු තම පිරිවර සමඟ අත්තනගල්ල බලා පිටත් වුණා. මේ යන ගමනේදි වැහැරේපොළ නම් ස්ථානයක නවාතැන් ගත් ගෝඨාභය කුමරුන්ට තමා ගෙන ආ බෝ පැළය මුල් ඇදී ඇති බව දැක ගන්නට ලැබුනා. එතැන් පටන් වැහැරේපොළ “බෝතලය” (බෝධිය පැළවූ තලය නමින් ප්‍රසිද්ධ වුනා. තවත් ජනප්‍රවාදයකට අනුව කුල දහ අටකට අයත් පිරිවර ඉන්පසුව තම වාසභූමිය බවට පත් කර ගත් වැහැරේපොළ, බොහෝ දෙනා පැමිණි තලය යන අදහස අනුව බෝතලය වූ බවට ද කතාවක් පවතියි.)
19 . ඔලුවාවත්ත (මහනුවර, පහත හේවාහැට)
රිටිගල ජයසේන හා ගෝඨයිම්බර යෝධයා අතර ඇති වුණු සටනේදි ගෝඨයිම්බර අසීමිත කාය බලය යොදා ජයසේන යක්ෂයාගේ හිසට පා පහරක් එල්ල කරා. ඒ පහරින් ඔහුගේ හිස වෙන්වී ඊට දෙගව්වක් පමණ දුරින් හේවාහැට ප්‍රදේශයේ පිහිටි ගමක ගල් තලාවක් මත පතිත වී සුණු විසුණු වී ගියා. එතැන් පටන් එම ස්ථානය ඔලුවාවත්ත ලෙස ප්‍රසිද්ධ වුණා. (ඔලු-ආ-වත්ත). ගලේ හැපී විසිවී ගිය මොල කැබිලි ඊට සැතපුම් භාගයක් පමණ දුරුන් පිහිටි තැනක පතිත උනා. අද එම ස්ථානය (“තුල්” එනම් මොළයේ ලොඳ, ‘පේ” එනම් පෙන්නුම් කල, “ගොඩ” එනම් බිම් ප්‍රදේශය යන අරුත දෙන අදහසින්) “තුල්පේගොඩ” ලෙස හැඳින්වේ.
20 . කෑගල්ල
ක්‍රි.පු 89 කාලයේ ලක්දිව ආක්‍රමණයකල ද්‍රවිඩ සතුරන් පරාජය කරන්න වළගම්බා රජතුමා සේනා සංවිධානය කරා.
දවසක්, සේනා සංවිධානය කරන්න රට පුරා යන වලගම්බා රජතුමා දඹුල්ලේ සිට දනකිරිගල ඇකිරියගල හරහා සල්ගලට යන අතරතුර ගල්තලාවක නැවත්ලා දිවා ආහාරය ගෙන පසුව බුලත් විටකින් සප්පායම් වුණා.
නැවතත් ගමන පිටත් වී ටික දුරක් යනවිට නැවතත් බුලත් විටක් කෑමට උවමනා වූ රජතුමා තමන්ගේ රත්තරං ගිරය හොයන වුණා, තමන් ගිරය දිවා ආහාරය ගත් ගල්තලාව මත ගිරය අමතක වූ බව වැටහුණු රජතුමා තමන්ගේ නියෝජිතයන්ට "කෑ ගල" මත ගිරය අමතක වූ බවත් එය රැගෙන එන ලෙසත් පවසනවා.
"එදා රජතුමා කියූ "කෑ ගල" පසු කාලයේ කෑගල්ල උනාලු.
ඔය කියන "කෑගල" තියෙන්නේ කෑගල්ල වළගම්බා විද්‍යාලය ඉදිරියෙන් ඒ වගේම ඒ ගල උඩ තියෙන පල්ලියට කියන්නෙ 'ගල් පල්ලිය' කියලයි. ඔය 'කෑගල්ලෙ වළගම්බා විද්‍යාලය' ඉස්සරහ තියෙන එහෙමත් නැති නම් 'ගල් පල්ලිය' ලග තියෙන ගලේ තමයි වළගම්බා රජ්ජුරුවො නැවතිලා බුලත් විටක් එහෙම කාල ගිහින් තියෙන්නෙ.
වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කය අතීතයේ රුහුණු, මායා, පිහිටි කියන ත්‍රිසිංහලයේ මායා රටට අයත් ප්‍රදේශයක් ලෙස සඳහන් වෙනවා.
22 . බදුල්ල
බදුල්ල නම හැදුන හැටි තමයි මේ. බදුල්ල කියන ගස් වර්ගයක් ප්‍රදේශයේ බහුලව තිබුනු හේතුවෙන් බදුල්ල යන නම ලැබී ඇත. තවත් පුරාවෘත්තයක කියවෙන්නේ බදුල්ල කියන ගස් වර්ගය විශාල වශයෙන් ප්‍රදේශය පුරාම පැතිරිලා වදුලක් මෙන් දිස්වීමයි. මෙම වදුල පසුකාලීනව බදුල්ල බවට පරිවර්ථනය වී ඇත.
පළාත් වලට නම් හැදුනු හැටිත් විමසා බලමු.....
සබරගමුව
'සබරගමුව' ලංකාවේ පළාත් නවයෙන් ළා බාල ම පළාත ද වේ. එය උපන්නේ 1889 වැන්නෙහි ජනවාරි පළමුවෙනි දා ය. ඊට දශක හයකට පමණ උඩ දී ලංකාව බෙදී තිබුණේ පළාත් පහකට පමණකි:
1 උතුර පළාත
2 දකුණු පළාත
3 නැගෙනහිර පළාත
4 බස්නාහිර පළාත
5 මධ්‍යම පළාත
'සබරගමුව' යන පදයේ සුල මුල ගැන මත කීපයක් ම ඇත. මේ නම සැදී ඇත්තේ පද දෙකක් සමාස වීමෙනි. පළමුවෙනි පදය 'සපර' 'සබර' හෝ 'හබර' ය. දෙවෙනි පදය 'ගමුව' හෝ 'ගොමුව' ය.
'සබර' යන පදයේ අර්ථ පහක් පමණ ඇත.
පළමුවැන්න, වනගත ජනයා හෙවත් වැදි ජනයා යන අර්ථය යි. 'සබරකඩ' හෝ 'හබරකඩ' යනු වැද්දන් විසූ පෙදෙසකැසි සැලකේ.
දෙවැන්න, එක්තරා මත්ස්‍යයන් විශේෂයක් හඳුන්වයි. 'පෙටි' යනුවෙන් හැඳින්වෙන්නේ ද මේ මසුන් ම බව 'රුවන්මල් නිඝණ්ඩුව' කියයි. (148)
තුන්වැන්න, එක්තරා ගස් වර්ගයක් හඳුන්වයි. 'හබරල' යනුවෙන් හැදින්වෙන්නේ ද මේ ගස් වර්ගය ම බව 'රුවන්මල් නිඝණ්ඩුව' කියයි. (640)
හතරවැන්න, 'සමූහය' යන අර්ථය යි. ඒ බව 'රුවන්මල් නිඝණ්ඩුව' සනාථ කරයි. (254 පද්‍යය)
පස්වැන්න, ඉංගිරිසියෙන් 'sapphire' (සැෆය) යන නමින් හැඳින්වෙන මැණික් වර්ගය යි. මේ ඉංගිරිසි පදයට නෑකම් කියන පද සමූහයක් ග්‍රීක්, ලතින්, හීබෲ, ප්‍රංශ හා පර්සියානු ආදී භාෂාවල ද එයි:
ලතින් : sapphirus
හීබෲ : sapar
ප්‍රංස : saphir
පර්සියානු : saffir
'සබරගොමුව' යන පදය සුඛෝච්චාරණය පිණිස 'සබරගමුව' යනුවෙන් සකස් වූ බව පෙනේ...
ඌව පළාත
ඌව පළාත පළාතක් ලෙස නම් කරන ලද්දේ 1896 දීය. එය බදුල්ල හා මොණරාගල ලෙස දිස්ත්‍රික්ක දෙකකින් සමන්විත වේ. පළාතේ අඟනගරය ලෙස බදුල්ල හදුන්වයි.
ඌව නමේ අරුම.....
පෙර රජ දවස හෙළයන්ගේ බිම්කඩ කොටස් තුනකට වෙන් කර පලනය කර අයුරු ඉතිහාසයේ සදහන් වේ.ඒ රුහුණු , මායා,පිහිටි යනුවෙනි.ඌව අයිති වූයේ රුහුනු රටටම විය .වත්මන් ඌව නමින් ප්‍රචලිත ප්‍රදේශය පාලි මාහා වංශයේ සදහන් ව ඇත්තේ " හූවා රට්ඨ" නමිනි. ක්‍රි.ව පළමු සියවසේදී " හුවා කණ්ණි" වී,එකොළොස්වන සියවසේදී මේ බිම " හූව" නම් විය . දාහත්වන සියවසේදී එය " ඌව " නමින් පද පෙරෙළි වෙනස් වී ඇත. හූවා රට්ඨ ,හූවා කණ්ණි, හූව, ඌව වූයේ කේසේද? එම පද පෙරෙළිය සිදුවු අයුරු අප ජනප්‍රවාදකරුවන් නොයෙකුත් ආලවට්ටම් දමා හැඩවැඩ කර ඇති අයුරු අපූරුය. ඒ පිළිබඳ මදක් විමසා බලමු.
දුටුගැමුණු නරපතියාණන් පොරොන්දු ඉටුකිරීම
තුන් හෙළය එක්සේසත් කිරීම සදහා එළාර රජු සමඟ යුධ වැදීමට පෙර කතරගම දෙවියන් වෙත දුටුගැමුණු රජු භාරයක් විය. ඒ කේසේද යත්...?
එළාර රජු පරදවා තුන් හෙළය එක්සේසත් කිරිමට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය හිමි වුවහොත් කතරගම දෙවොල් බිමේ සිට සවිමත් පුරුෂයකු ලවා මහ හඩින් " හූවක් " කියවා ඒ හූ හඩ ඇසෙන මානයේ අට දිශාවේ සියළු ගම්බිම් කතරගම දෙවියන්ට පූජා කරන බව පොරොන්දු විය .එළාර රජු සමඟ සටනට වැද ජයගත් දුටුගැමුණු රජතුමා අට දිශාවේ ඈතින් ඈතට මිනිසුන් පෙළ ගස්වා සවිමත් පුරුෂයකු ලවා කතරගම දෙවොල් බිමේ සිට හූවක් කියවන ලදි .ඒ හූ හඩ ඇසුවන් අතුරින් අවසානයේ සිටි තැනැත්තන් සිටි ස්ථානයෙන් හී අට දිශාවේ කණු සිටුවා ඒ සියළු ගම් බිම් කතරගම දෙවියන්ට පූව් කරන ලදි . ඒ හූ හඩ ඇසුණූ මානය " හූව " නම් විය . පසුව පද පෙරෙළි " ඌව " නම් වූ බවට කතරගම ප්‍රබන්ධ සංග්‍රහයේ දැක්වේ.
සුළගේ හූ හඩ.....
උසින් සිව් දහස් ගණනක බෝවේ
එමෙන් පහත රටටත් සුපිහිටියා වේ
තදින් එන සුළං හඩ සලකා හූවේ
පෙදෙන් නම සැදුණු හැටි පවසමී ඌවේ
කිතුල් ඇල්ල හරහා කදුහෙල් සිපගෙන තුරු ලතා අතුරින් ඇදී එන "හූ" හඩ බදු හඩ නිසා " හූව" "ඌව" වියැයි ජනකවියා පවසයි . ( ඌ.ජ.ක සම්පාදක සටහන)
කදු මුදුන්....
ඉතා උස් කදු මුදුන්වලින් ගහණ වූ නිසා "ඌව" යන නාමය භාවිතයට පැමිණි බවට එක් ජනශ්‍රැතියක සදහන් වේ.
හුය....
පෙර රජ දවස ගම් දෙටුවකුට හුයකින් ( නූල ) සීමා මායීම් ලකුණු කරදුන් බිම " හුය , හූව, ඌව " වූ බයටද මතයක් ඇත.
හූව
පෙර රජ සමයේ කදු මුදුනක රජු කිස සදහා " හූ " හඩින් ගැමියන් කැදවූ නිසා " හූව, ඌව " වටද එක් මතයකි
ඌ වීරා...
සියලු සෞභාග්‍යයෙන් සශ්‍රික වූ ප්‍රදේශය යන අරුත් දෙන්නට යෙදෙන සංස්කෘත වචනයක් " ඌව වීරා " යන වදන සිංහලට බිදී " ඌව " වූ බවට තවත් මතයකි.
උප....
ජයවර්ධනපුර රාජ්‍යය සමයේ දී ඌව ප්‍රදේශය උප රාජ්‍යයක් පැවති බැවින් " උප, උව වී ඌව " බවට මතයක්ද ඇත.
උල්පත්...
උල්පත් බහුලව මෙම ප්‍රදේශය ඇති බැවින ් "ඌල්" යන වදන " ඌව " වී යැයි තවත් මතයකි.
ඌරුන් කැපූ නිසා....
විජය රජු ඌරු වනයක සැගව සිට යකුන් කැපූ නිසා " ඌව " නම් වූ බවට ලංකා කඩයිම් පොතේ සදහන්ව ඇත.
නූල් කැටීම නිසා....
අතීතයේ ඌව ප්‍රදේශයේ නූල් කැටීම සදහා කපු වගාව බෙහෙවින් කළ නිසා "හුය" ( නූල ) යන වදන " ඌව " යන්නට පද පෙරෙලුණු බවට මතයක්ද තිබේ...
එහෙම නම් ඔබේ ගමට නම හැදුණු හැටි ගැන කියන කතාව අපිත් එක්ක කමෙන්ට් එකකින් බෙදා ගන්න ගමන් මේ ලිපිය ෂෙයාර් කරන්න අමතක කරන්න එපා....
...................අන්තර්ජාලය ඇසුරෙනි...................දැනුම සොයන්න මේ පාරෙන් එන්න
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment