චොක්ලට් කන්න කැමති අය ඉක්මනටම එන්න. අද අපි Milk Chocolate හදමු. අයියෝ හදන්න හරිම අමාරු ඇති. වියදම් වැඩි ඇති කියලා හිතුනද? එහෙනම් බලන්නකෝ.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🍫 කොකෝ පවුුඩර් ½ cup
- 🍫 අයිසින් සීනී / කුඩු කරගත් සීනී 1 cup
- 🍫 නැවුම් කිරි ¼ cup
- 🍫 පිරිසිදු පොල් තෙල් / කොකෝ බටර් ¼ cup
- 🍫 කජු / රටකජු (කපාගත්)
- 🍫 Ice tray / Silicon Mold
✅ සාදා ගන්නා ආකාරය :
- කොකෝ පවුුඩර්, සීනී පෙනෙරයකින් හලාගන්න.
- ඉන්පසු වතුර කොප්ප එකක් භාජනයකට දමා රත් වීගෙන එන විට එම භාජනයට උඩින් උණුසුමට ඔරොත්තු දෙන Glass Bowl එකක් එහෙම නැත්නම් ඇලුමිනියම් තුනී භාජනයක් තබාගන්න.
- එම උඩින් තබාගත් භාජනයට පිරිසිදු පොල් තෙල්, හලාගත් කොකෝ පවුුඩර්, සීනී දමා කලවම් කර නැවුම් කිරි ද එකතුකර මද ගින්දරේ උකු වන තෙක් හැදිගා ගන්න.
- දැන් ලිප නිවා Ice tray එකකට හෝ ඔයාලා ලග තියෙන ඕනෑම අච්චුවකට (mold) එකකට දමා පැය 2ක් ශිතකරණයේ තබන්න.(ශිතකරණයේ තැබිමට පෙර කජු / රටකජු චොක්ලට් මීශ්‍රනයට එකතු කර ගන්න පුළුවන්.)
මේ Milk Chocolate හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදමට
0 comments:
Post a Comment