රෝග රැසකට ගුණ දෙන දිය හබරල (Habarala [Eichhornia Crassipes])

රෝග රැසකට ගුණ දෙන දිය හබරල (Eichhornia Crassipes) - Your Choice Way
🌿 ජබර යනුවෙන්ද හඳුන්වන දියහබරල සෙ.මි. 3 පමණ ගණකම රෛසෝමයක් සහිත, ජලාශ්‍රිතව වැවෙන කුඩා පැළෑටියකි. බෙහෙවින් අතු බෙදුණු රෛසෝමයෙන් නව පැළෑටි හට ගනී. පත්‍ර‍ කොලපුවලින් වැසී පවතින සිලිංඩරාකාර කඳ සෙ.මි 90 දක්වා දිගට වැඩේ. කුන්තාකාර හෝ ශරාභ හැඩැති පත්‍ර‍ දිගින් සෙ.මි. 15-18 සහ පළලින් සෙ.මි. 5-15 දක්වා වැඩේ. පත්‍ර‍ තලයේ ඉහල පෘෂ්ඨය තද කොළ පැහැති වන අතර යටි පෘෂ්ඨය ළා පැහැති ය. 

🌿 දේශීය වෙදකමේදී දියබෙරලිය යනුවෙන් හඳුන්වන්නේ ද මෙම විශේෂ බවයි බොහෝ පිරිසකගේ පිළිගැනීම. පෙනුමෙන් මෙම විශේෂවලට තරමක් සමාන ජපන් ජබර (Eichhornia crassipes) නමින් හඳුන්වන විදේශීය ආක්‍රමණික ශාකය මෙම වර්ග සමඟ පටලවා නොගත යුතු ය. මේවා Pontederiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය. 

🌿 පිත නිසා හටගත් රෝග, මව්කිරි මදිකම, වාත මේහ, ප්‍ර‍දර රෝග, මුත්‍ර‍ දැවිල්ල, මුත්‍ර‍ අඩස්සිය, මුත්‍ර‍ පිටනොවීම, මලබද්ධය, ගුද භ්‍ර‍ංශ ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා දියහබරල සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. දියහබරල පිත සමනය කරන, රුධිරය පිරිසිදු කරන, මුත්‍ර‍කාරක, කාම වර්ධක, වේදනා නාශක ආදී  ගුණ සහිතයි. නීල්‍යාදී තෛලය දියහබරල යොදා නිපදවන ප්‍ර‍කට ඖෂධයකි. 

🌿 මව්කිරී එරීමට, වාත මේහයට, මුත්‍ර‍ අඩස්සිය සහ මුත්‍ර‍ පිට නොවීමට දියහබරල දෙහි ගෙඩියක් පමණ ප්‍ර‍මාණයක් අඹරාගෙන මොරු සමඟ දවසට දෙවරක් බැගින් දින 40 ක් භාවිතා කළ යුතුය.

🌿 ගුද භ්‍ර‍ංශයට දියහබරල කැඳ දෙයි.  අක්ෂි රෝග සඳහා ප්‍ර‍තිකාර කිරීමේදී දියහබරල යුෂ භාවිතා කරයි. 

🌿 කැක්කුම සහ දැවිල්ල සහිත වණවලට දියහබරල කොළ, කැකුළු හාල්, පොල්කිරෙන් තම්බා අඹරා බැඳිය යුතු ය. 

🌿 ගඩු සඳහා දියහබරල කොළ දොඬම් ඇඹුලෙන් අඹරා දීකිරි එක්කොට ගඩුවේ ගෑ යුතු ය.

🌿 බාහිර ලේ වහනය වැලැක්වීමට කොළ ඇල්දියෙන් අඹරා ආලේප කරයි. 

🌿 දියහබරලවලට ශරීරගත විෂ ඉතා කෙටි කාලයකින් උරා ගෙන මල සමඟ පිටකිරීමේ විශේෂ හැකියාවක් ඇති නිසා විෂ වෙදකමේදී භාවිතා කර ඇති බව සඳහන්.  

🌿 දියහබරල ශාක කොටස් උදරාබාධ, දත්කැක්කුම, ඇදුම, ඇල්ශයිමර් රෝගය ආදියට ප්‍ර‍තිකාර කිරීමට යොදා ගනී.

🌿 දියහබරල කොළ, අල සහ පුෂ්ප මංජරිය මැල්ලුම්, ව්‍යංජන සහ කැඳ ලෙස සකසා ආහාරයට එක්කර ගත හැකිය.  

🌿 දියහබරල කොළ හා දඬු, ගාගත් පොල් සමග කොටා මිරිකා ගත් යුෂ යොදා සකස් කරගත් කොළ කැඳ හිස් බඩ පානය කිරීමෙන් ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල පහ වේ.

🌿 එමෙන්ම එය මුත්‍ර ගල් දියවීමටත්, ශුක්‍ර මේහයටත්, සෙංගමාලයටත් අගනා ඔසුවකි. මේවා ශීත ගුණයෙන් යුත් ආහාර නිසා රත්පිත් රෝගීන්ට ද වඩාත් ගුණදාක ය.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment