අපි ඉන්න පැත්ත දැන් ටිකක් ජනාකීර්ණ උනාට ඉස්සර පට්ට පාලුයි. අපේ ගෙදරට ලඟම ගෙදර තිබ්බෙත් මීටර් 500ක් විතර එහායින්.
මේ සිද්දිය උනේ අපේ ගෙදර හදල පදිංචියට ආපු මුල්ම කාලේ. ඉස්සර මට රෑට රෑට බඩගිනි වෙන නිසා අම්මා කිරි හදලා දෙනවා බෝතලේට බොන්න. ඔන්න එක දවසක් මට වෙනදා වගේම මහ රෑ 1 විතර වගේ බඩගිනිවෙලා ඇහැරුනා.. අම්මව නැග්ට්ටේව්වාට අම්ම නෙමෙයි නැගිටින්නේ..
ඉතින් මම තාත්තව කූද්දලා කිව්ව මට බඩගිනියි කියල. තාත්තා අම්මව නැගිට්ටවන්නේ නැතුව එයාම කුස්සියට ගියා මට කිරි හදන්න. ඉතින් දැන් මාත් ඇඳේ ඉඳන් බලන් ඉන්නවා බලන් ඉන්නවා තාත්තා තාම නෑ, කුස්සියෙන් කිසිම සද්දයක් එන්නෙත් නෑ.. තාත්තා කුස්සියට ගියාට එයා ගේ ඇතුලේ ලයිට් දාල නෙමේ ගියේ, මොකද ලයිට් එලියට අම්ම ඇහැරෙයි කියල. ඉතින් මම බලන් ඉඳල බැරිම තැන නෙට් එකත් ගලවල ඇඳෙන් බිමට පැන ගත්තා. එහෙම බිමට බැහැල කාමරේ කර්ටන් එක එහාට කරගෙන එලියට යන්න හැදුවා විතරයි මොකක්දෝ අමුත්තක් දැනුනා. කාමරෙන් එලියේ වම් පැත්තේ තිබ්බේ මම වැඩ කරන පොඩි ලී මේසෙකුයි, ලී පුටුවකුයි. දකුණු පැත්තේ තිබ්බේ බිත්තිය.
ඉතින් මට ඈතට පේනවා තාත්තා කුසිස්යේ ලයිට් එක දාල තියෙනවා (අපේ කාමරේ ඉඳන් කුස්සියට ටිකක් දුරයි ) ඒත් මම එතන්ට යන්න හදනකොට මොකක්දෝ ලොකු අමුත්තක් වගේ මට දැනුනා. නිකන් මන් දිහා වම් පැත්තේ ඉඳන් කවුරු හරි බලන් ඉන්නවා වගේ.. ඉතින් මොකක් ද කියල බලන්න මම හැරුනා විතරයි! මෙන්න නිල් පාට මිනිහෙක් මගේ පොඩි ලී මේසේ උඩ භාවනා කරන විදියට වාඩි වෙලා මගේ මූන දිහා බලන් ඉන්නවා..!!!!! මට මතකයි එක සැරේටම මාව ගල් වෙනවා වගේ, ඇඟ සීතලවෙලා ගියා, කටේ කෙල හිඳුනා, කෑ ගහගන්නවත් බැරි උනා..ඊට පස්සේ මතක නෑ මොනා උනාද කියල මම හිටියේ ඇඳ උඩ.
ඊට පස්සේ වෙලා තියෙන වැඩේ තාත්ත කිව්ව විදිහට නන් මෙහෙමයි වෙලා තියෙන්නේ..
මම කර්ටන් එක පෙරලන් දුවන්න හදල ඒක ඇඹරිලා වැටිලා ඔලුව වැදිලා දොර උලුඅස්සේ, මට සිහි නැතිවෙලා.. පස්සේ මතකයි නෑ නැගිටගෙන මට ඕඩි-කොලං ගානවා.. මම නැග්ට්ට ගමන් කියල තියෙන්නේ කාමරේ දොර වහන්න කියල. තාත්තා අහල මොනවද කරන්න ගියේ කියල මම මුකුත් කියල නෑ..
ඊට පස්සේ මම කවදාකවත් අර පුටුවෙ වාඩිවෙන්නවත්, මේසේ වැඩ කරන්නවත් ගියේ නෑ. කාමරේට ගියෙත්, එලියට ආවෙත් ඇස් දෙක වහගෙන.. වැරදිලවත් මේසේ දිහා බැලුවෙවත් නෑ..
ඔය සිද්දිය වෙලා සති දෙක තුනකින් වගේ ගෙදරට ලොකු ආරක්ෂාවක් කරා. පදිංචි වෙනකොට නන් එහෙම මුකුත් කරල තිබ්බේ නෑ. හැබයි ඊට පස්සේ නන් ඔය මුකුත් දැක්කේ නෑ. ඔය සිද්දිය වෙලා මාස ගානකට පස්සේ මම හැමෝටම ඔය සිද්දිය කිව්වා.. ඊට පස්සේ තමයි මගේ බය ටිකක් හරි අඩු උනේ. හැබැයි එදා ඒ දැක්ක එක නන් මෙහෙම වචනයෙන් නන් කියන්න බැරි තරමටම බය උනා. නිල් පාට දිලිසෙන මිනිහෙක් අඩි දෙකක් තුනක් එහායින් මූණ දිහා බලන් හිටපු එක..!!! ඒක නන් ජීවිතේට අමතක වෙන්නේ නෑ..
ඔන්න අවුරුදු 10කට විතර පස්සේ දවසක් අම්ම කියනවා ඇහුනා..මම දැකපු එක අපේ මල්ලිත් පොඩි කාලේ දැකල කියල..!!
ඒ කියන්නේ ඌ තාම අපේ ගෙදර ඉන්නවා!!
0 comments:
Post a Comment