♦️ උපත පිළිබඳ :-
1936 වර්ෂයේ මාර්තු 21 වෙනිදා දෙහිවලදී ගාමිණී ෆොන්සේකා මහතා විලියම් සහ ඩේසි ෆොන්සේකා යුවළට දාව තෙවන දරුවා ලෙස උපන්නේ ය.
♦️ අධ්‍යාපනය ලැබූ ආකාරය පිළිබඳ :-
ප්‍රෙස්බිටීරියන් ආයතනයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වුයේය. පාසලෙහිදී සිංහල භාෂාව සහ සාහිත්‍යය ඉගෙනීමෙහිලා දස්කම් පෑ ගාමිණී එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යව සිටි ඩී.එස්. සේනානායක මහතා විසින් පිරිනමන ලද සිංහල සාහිත්‍යය දක්ෂතා ඇඟයීමේ ත්‍යාගයකට පවා හිමිකම් කීවේ ය.
විෂය පිළිබඳ දක්ෂතා පෑමට අමතරව ගාමිණී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසද පාසලේ ප්‍රසිද්ධියක් ඉසිලීය.
♦️ සිනමාවට සම්බන්ධ වීම :-
තම ද්වීතියික අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ගාමිණී ෆොන්සේකා සිනමා ක්ෂේත්‍රයට ඇතුළු වූයේය. ප්‍රථමයෙන් ඔහුට අවශ්‍ය වූයේ කැමරාකරුවකු ලෙස සේවය කිරීමටයි.
මෙම බලාපොරොත්තුව ඔස්සේ ගමන් කළ ඔහුට ඩේවිඩ් ලීන්ගේ 'Bridge on the River Kisai' සහ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'රේඛාව' (1956) යන චිත්‍රපට වලට සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්ථාව හිමිවිය. රේඛාව චිත්‍රපටයේ සමුහ දර්ශණයකට පෙනී සිටිමින් ඔහු රංගන ක්ෂේත්‍රයට පිවිසියේය. එමෙන්ම එකල ශ්‍රී ලංකාවේ දී රූගත කරනු ලැබූ ඉංග්‍රීසි රූපවාහිනී වැඩසටහනකටද ඔහු රංගනයෙන් දායක වූයේ ය.
ගාමිණී ෆොන්සේකා 1959 තිරගත වූ 'දෛවයෝගය' චිත්‍රපටයේ කුඩා චරිතයකට රංගනයෙන් දායක වුයේය. ප්‍රථමයෙන් ඔහු ප්‍රධාන චරිතයකට දායක වූයේ සංදේශය (1960) චිත්‍රපටයටයි. ඉන්පසු
'අදට වැඩිය හෙට හොඳයි'
'රන්මුතු දූව'
'ගැටවරයෝ'
'ධීවරයෝ' චිත්‍රපටවල රගපෑ ඔහු ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූයේ ය.
වාණිජමය චිත්‍රපට වලට දායක වනවාට අමතරව ඔහු 'ගම්පෙරළිය' (1964) කලාත්මක සිනමා කෘති වලටද දායක වුයේ ය. ටයිටස් තොටවත්තයන්ගේ 'චණ්ඩියා' චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා ප්‍රථමවරට දුෂ්ඨ චරිතයකට පණපෙවීය. මයික් විල්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'සොරුන්ගෙත් සොරු' චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ජේම්ස් බණ්ඩා ලෙසය. මෙම චරිතය ශ්‍රී ලාංකිය ජේම්ස් බෝන්ඩ් ලෙස බොහෝදෙනකු හඳුන්වයි.
රංගනයට අමතරව චිත්‍රපට අධ්‍යක්ෂණයට ද පිවිසි ගාමිණි ෆොන්සේකා සිනමා ලෝලීන් අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූයේ පරසතු මල් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස ය.
ගාමිණී ෆොන්සේකාගේ රංගන ජීවිතයේ විශිෂ්ඨතම නිරූපණය ලෙස සලකනුයේ 'නිධානය' (1970) චිත්‍රපටයේ විලී අබේනායක චරිතයයි. නිධානය චිත්‍රපටය එදා මෙදාතුර ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ විශිෂ්ඨතම චිත්‍රපටය ලෙස සැලකේ.
1980 දී සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සරුංගලේ’ චිත්‍රපටයේ දී ගාමිණී, යාපනයේ ද්‍රවිඩ ලිපිකරුවකු වූ නඩරාජා ලෙස අපූරු රංගනයක් ඉදිරිපත් කළේය.
1989 දී ගාමිණී ෆොන්සේකා දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළු වුයේ එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමෙනි. 1989 දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරය ද හෙබවීය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ වකවානුවේදී ඔහු උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයාලෙසද කටයුතු කළේ ය.
වයස අවුරුදු 68 දී ජා ඇල පිහිටි තම නිවසේදී ගාමිණි ෆොන්සේකා මෙලොව හැර ගියේය.
♦️ගාමිණී ෆොන්සේකා මහතා රංගනයෙන් දායක වූ චිත්‍රපට 90 ක් පහතින් දක්වමි.
1956 – රේඛාව
1959 – දෛවයෝගය
1960 – පිරිමියෙක් නිසා
1960 – සංදේශය
1962 – රන්මුතු දූව
1962 – දස්කොන්
1963 – අදට වැඩිය හෙට හොඳයි
1963 – ගම්පෙරළිය
1964 – ගැටවරයෝ
1964 – ධීවරයෝ
1965 – සුදෝ සුදු
1965 – ආදරයයි-කරුණාවයි
1965 – සත පනහ
1965 – යටගිය දවස
1965 – චණ්ඩියා
1966 – සීතල වතුර
1966 – සීගිරි කාශ්‍යප
1966 – පරසතු මල්
1966 – ඔබ දුටු දා
1966 – සැනසිළි සුවය
1966 – සැනසුම කොතැනද
1967 – සොරුන්ගෙත් සොරු
1967 – ඉපදුනේ ඇයි
1967 – රැන ගිරව්
1967 – ඔක්කම හරි
1967 – සූර චෞරයා
1968 – දෙහදක දුක
1969 – මී මැස්සෝ
1969 – පරා වළලු
1969 – ඔබ නැති නම්
1969 – බඩුත් එක්ක හොරු
1969 – සූරයන්ගෙත් සූරයා
1970 – ආත්ම පූජා
1970 – ඔහොම හොඳද
1971 – හතර දෙනාම සූරයෝ
1971 – වැලිකතර
1972 – සහනය
1972 – නිධානය
1972 – එදත් සූරයා අදත් සූරයා
1972 – ආදරේ හිතෙනවා දැක්කම
1972 – මිරිඟුව
1973 – හොඳට හොඳයි
1973 – සඳහටම ඔබ මගේ
1973 – හොඳම වෙලාව
1973 – හොඳයි නරකයි
1974 – කස්තුරි සුවඳ
1974 – ඔන්න බබෝ බිල්ලෝ එනවා
1974 – සැණකෙළිය
1975 – සූරයා සූරයාමයි
1975 – හිත හොඳ මිනිහෙක්
1975 – රත්තරන් අම්මා
1975 – ආවා සෝයා ආදරේ
1975 – සිරි මල්ලි
1975 – රජගෙදර පරවියෝ
1976 – නයනා
1976 – කවුද රජා
1976 – හුලවාලි
1976 – නිල්ල සොයා
1977 – යකඩයා
1977 – චිං චිං නෝනා
1977 – දෙවියනි ඔබ කොහෙද
1977 – චණ්ඩි පුතා
1978 – සීතා දේවී
1978 – චණ්ඩි ශ්‍යාමා
1978 – ආශා දෑසින්
1978 – හිත මිතුරා
1978 – අප්සරා
1979 – මිනිසුන් අතර මිනිසෙක්
1979 – සරුංගලය
1979 – අමල් බිසෝ
1980 – උතුමාණෙනි
1981 – චංචල රේඛා
1981 – බාඳුරා මල්
1981 – සාගරයක් මැද
1982 – හෙලෝ ශ්‍යාමා
1982 – මිස් මල්ලිකා
1985 – යුගාන්තය
1986 – යළි හමුවෙන්නයි
1986 – කොටි වලිඟය
1987 – සත්‍යග්‍රාහනය
1987 – අහිංසා
1989 – ශක්තිය ඔබයි අම්මේ
1993 – සාජන් නල්ලතම්බි
1994 – පවන රළු විය
1994- නොමියෙන මිනිසුන්
1995 – මම බය නැ ශ්‍යාමා
1995 – දෙමෝදර පාලම
1996 – ලොකු දුව
1997 – අපායේ ත්තපර අසුහාර දහසක්
1998 – අන්තිම රැය
♦️ ගාමිණී මහතාගේ බිරිඳ පිළිබඳ :-
එතුමාගේ බිරිඳ ඩෝරති මාග්‍රට් වැලන්සියා නොහොත් සුමිත්‍රා ෆොන්සේකා මහත්මිය යි.
සුමිත්‍රාගේ ගම වත්තල ප්‍රදේශය යි. 1938 ජනවාරි 28 වැනිදා උපත ලැබූ ඇය වත්තල සාන්ත ආනා හා මොරටුව අප ස්‌වාමි දුවගේ කන්‍යාරාමයේද ඉගෙනුම ලැබුවා ය.
සුමිත්‍රා හා ගාමිණී හමුවද එදා
සුමිත්‍රා හා ගාමිණී හමුවද එදා දෛවෝපගත ලෙස සිදුවූ අපූර්ව මුණ ගැසීමකි. වැල්ලවත්ත ප්‍රදේශයේ තම පවුලේ හිතවතකුගේ නත්තල් සාදයකදී ගාමිණී ඇයට මුල් වරට හමුවී තිබේ. එම පවුලේ හිතවතා ගාමිණී ගේත් හිතවතකු විය.එදා මුල් වරට සුමිත්‍රා දුටු ගාමිණී ඒ වන විට ලොව ප්‍රකට සිනමාකරු ඩේවිඩ් ලීන් ගේ ‘බ්‍රිඡ් ඔන් ද රිවර් ක්‌වායි’ ජාත්‍යන්තර චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටි වකවානුව ය. සුමිත්‍රා ඒ වන විට ප්‍රකට නර්තන ශිල්පී හා සිනමා නළු හා අධ්‍යක්‍ෂ ශේෂා පලිහක්‌කාර නැටුම් පන්තියට යමින් නැටුම් කලාව හදාරමින් සිට තිබේ. ගාමිණී තම මිත්‍ර ශේෂාට තම සිත්ගත් යුවතිය ගැන පැවසූ විට ශේෂා ඔහුට ඇය මුණ ගැසීමට පසුබිම සැකසූ හැටි සුමිත්‍රා පසු කළෙක මාධ්‍යවේදී ඒ. ඩී. රංජිත් කුමාරයන් සමග ලියූ ග්‍රන්ථයක ලිපියක් සඳහා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පළ කර තිබිණි.
ඩෝරති මාග්‍රට් වැලන්සියා සුමිත්‍රාගේ මුල් නමයි. 'ටීනා’ යන ආදර නමින් ඇය කා අතරත් එදා ජනප්‍රියව සිටියාය. ඇය රඟපෑ 'ශ්‍රී 296' චිත්‍රපටයේ රඟපෑ පිරිස එක්‌ව ‘සුමිත්‍රා’ යන නම ඇයට තැබීමට තීරණයකට එළැඹිනි. අනතුරුව 'සුමිත්‍රා' ඉතා චාම් ලෙස පැවැත්වූ විවාහ මංගල්‍යයකදී 1963 පෙබරවාරි 21 වැනිදා ගාමිණී හා විවාහ විය.
ශ්‍රී 296 චිත්‍රපටයේ නළඟනක ලෙස රඟමින් එදා සිනමාවටද පිවිසි සුමිත්‍රා ගාමිණී පසු කලක අධ්‍යක්‍ෂණය කළ ආරියරත්න පෙරේරා නිෂ්පාදනය කළ 'උතුමාණනි' චිත්‍රපටයේ කෙටි චරිතයක රඟපෑවාය. ‘ශ්‍රී 296’ චිත්‍රපටය 1959 මැයි 20 වැනිදා මුල් වරට තිරගත විය.
ශ්‍රී ලාංකීය සිනමාවේ විශිෂ්ටතම රංගධරයකු ලෙස ගාමිණී තම ප්‍රතිභාව මෙරට සිනමාවේ පෝෂණය තකා දායාද කරද්දි ඔහුගේ ජීවිතයට යෝධ සෙවනැල්ල වෙමින් ළබැඳි ආදරයෙන් සහය දුන්නේ බිරිඳ සුමිත්‍රා යි. ජීවිතයේ බාධක කම්කටොලු මැද නොසැලී සිටින්නට ඇය තුළ වූයේ මහත් ආත්ම ධෛර්යයකි. ජීවිතය යනු හැල හැප්පිලි එන යන තැනක් ඒත් හැම දෙයකටම මුහුණ දෙන්නටම අප දෙදෙනටම ඉවසීම තිබුණා. ගාමිණීට මා තුළත් දරුවන් සිවුදෙනා තුළත් තිබුණු ආදරය මියයන තුරුම තිබුණා. ගාමිණී සෘජුව අදහස් පළ කළ ගෞරවාන්විතව තම වෘත්තිය ජීවිතය ගත කළ කෙනෙක්. ඔහු හැම දෙයක් මැදම දරුවන් හා මම වෙනුවෙන් ස්‌වාමියකු හා පියකු ලෙස යුතුකම් ඉටු කළා. සුමිත්‍රා වරෙක පිළිසඳරකදී පැවසුවාය.
ගාමිණී හා සුමිත්‍රා යුවළට දරුවන් සිවුදෙනෙකි. වැඩිමහල් දියණිය චමිලා වසන්ත ජයසූරිය සමග විවාහවී සිටී.දෙවැනි දියණිය තනුජා විවාහ වූයේ ගාමිණී අධ්‍යක්‍ෂණය කළ 'සාගරයක් මැද' චිත්‍රපටය එදා නිපදවූ අද ටෙලිනාට්‍ය නිෂ්පාදක අධ්‍යක්‍ෂ ආනන්ද අබේනායකයන් සමග ය. පුත් දමිත් වින්ධ්‍යා සමග විවාහවී සිටී. බාල දියණිය ඉෂාරාල ප්‍රභාත් හර්ෂ කුමාර සමග විවාහවී සිටී. දරු මුණුබුරු මිණිබිරියන් දස දෙනකුගේ මිත්තණිය වූ සුමිත්‍රා දරුවන්ට මවකගෙන් විය යුතු හැම යුතුකමක්‌ම ඉටු කළේ දිරිය මවක ලෙසිනිග ඇය මියයන විට 75 වැනි වියේ පසු වූවා ය.
- අන්තර්ජාලයෙන් හමුවූ තොරතුරු ඇසුරෙන් මාෂි අබේසිංහ වන මා සංස්කරණය කොට සැකසූ ලිපියකි -
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment