☑️ උණට
🔹 වෙනිවැල්ගැට
🔹 වියළි ඉඟුරු
🔹 දුම්මැල්ල
🔹 පත්පාඩගම්
🔅 තම්බා බීම ගුණදායකය.
🔸 ඉඟුරු
🔸 ගම්මිරිස්
🔸 තිප්පිලි
🔸 කොත්තමල්ලි
🔅 තම්බා තිබිම ගුණදායකය.
🔅 ඉඟුරු, කොත්තමල්ලි තම්බා සීනි දමා දිනකට දෙතුන්වරක් පානය කරන්න.
☑️ දැවිල්ල සහිත උණට
🔸 පත්පාඩගම් තැම්බු වතුර ගුණදායකය.
☑️ අජිර්ණ සහිත උණට
🔸 ඉඟුරු, කොත්තමල්ලි, එළබටු මුල්,කටුවැල්බටු, කළං දෙකයි, මංචාඩි අට බැගින් ගෙන කසාය පිළියෙල කර දිනකට දෙවරක් පානය කිරිමට දිම යහපත්ය.
☑️ සෙම්ප්‍රතිශ්‍යාවට
🔹 ඉඟුරු
🔹 කොත්තමල්ලි
🔹 තැම්බු වතුර සිනි දමා පානය කිරිම ගුණදායකය.
🔹 තිප්පිලි කුඩු මී පැණී ගත හැක.
🔹 කොත්තමල්ලි, යක් නාරං කොළ තම්බා හුමාලය ඇල්ලිම ගුණදායකය.
🔹 මද උණුසුම් ජලයට ලුණු දියකර උගුර සේදීම ගුණදායකය.
☑️ පිනසට
🔸 ගොටුකොළ කොටා ලබාගත් යුෂ මඳක් රත්කර ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා උදෑසන පානය කරන්න.
🔸 වියළී කහ,වියළී ඉඟුරු කුඩුකර, තේ හැන්දක් උණූ වතුර කෝප්ප භාගයකට දමා, තම්බා මී පැණීයෙන් බීම ගුණදායකය.
🔸 වියළි කහ,වියළි ඉඟුරු කුඩු, තැඹිලි ගඩියකට දමා රැයක් එළීවෙන්නට තබා හිස්බව පානය කළ හැකිය.
🔸 ඉඟුරුපියලිය, පිටවක්කා, තිප්පිළි, නෙළුම් අල ,සුදු ලුණු, ගම්මිරිස් කළං දෙක බැගින් ගෙන කසාය පිළියෙළ කර පානය කළ හැකිය.
☑️ ඇස් දැවිලලක් සමඟ ඇතිවන පිනසට
🔹 අරළු
🔹 නෙල්ලි
🔹 මුකුණුවැන්න
🔹 වැල්මි
🔹 සැවැන්දරා
🌿 සම ප්‍රමාණයන්ගෙන් ගෙන අබරා ඇල් දියෙන් කලතා පසුදින උදෑසන තල තෙල් සමඟ මිශ්‍ර කර හිසේ ගැල්වීම සුදුසුය.
☑️ මුත්‍රා දැවිල්ලට
🔸 වැල්පෙනෙල කොළ කොටා මිරිකා ගත් යුෂ පානය කළ හැක
🔸 ඉරමුසු තම්බා බීම යෝග්‍යය
🔸 මුත්‍රා දැවිල්ල සමනයට නිරමුල්ලිය තම්බාදීම ගුණදායකය.
🔸 කැකිරි ඇට,අක්කපාන සමඟ සමට ගොනු පානයට දිය හැක.
🔸 තැඹිලිගෙඩියක් රාත්‍රියේදි කපා ජලය මඳක් ඉවත් කර රාබු පෙති කිහිපයක් එයට දමා පසුදින එය පොඩිකර එයටම දමා පානය කිරිම මුත්‍රා දැවිල්ල සමනයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
☑️ අධික රුධිර පිඩනයට
🔹 සියඹලා බොර තේ හැඳි 4
🔹 තල තෙල් තේ හැඳි 1
🔹 විනාකිරි තේ හැඳි 3 ක්
🌿 මිශ්‍ර කර හිසට දැමීමෙන් අධීක රුධිර පිඩනය අඩුවේ.
🌳 බැබිළ මුල් , සුදු ලුණු, උළුහාල් තම්බා දෙතුන්වරක් පානය කිරිමට දිය හැකිය.
🌳 නිදිකුම්බා මුල් තේ හැඳ භාගයක් උණු වතුර මිශ්‍ර කර දිනකට දෙවරක් පානය කිරිම ගුණදායකය.
🌳 නස්නාරං මේස හැඳ 2, සහිඳ ලුණූ තේ හැඳ 2 ක් බීමට දිම ගුණදායකය.
🌳 කුඹුක් පොතු කසාය ද ගුණදායකය
☑️ සමේ කුෂ්ඨ සඳහා
🔸 අමුකහ,කොහොඹ කොළ තම්බා එම ජලයෙන් කුෂ්ඨ ඇති ස්ථානය සෝදන්න.
🔸 ඇත්තෝර කොළ
🔸 කොහොඹ කොළ
🔸 පින්න කොළ
🔸 නිදිකුම්බා කොළ සම ප්‍රමාණයන්ගෙන් ගෙන තම්බා , කුෂ්ටය ඇති ස්ථානය සේදිමෙන් සුවය ලැබේ.
🔷 ලුණුවිල ත ම්බා, සේදිම ද ගුණදායකය.
🔷 අරළු, බුණ ,නෙල්ලි තම්බා සේදිම ද ගුණදායකය.
🔷 ගංසුරිය පොතු අමුකහ දමා තම්බා සේදිම සුදුසුය.
☑️ මධූමේහය වළක්වා ගැනිමට
🔶 අමු කරවිල පෙති කපා ඇල්දිය විදුරුවකට දමා පසුදින එම ජලය පානය කළ හැකි වේ.
🔶 අට්ටික්කා මුල කපා වැහැරෙන යුෂ මේස හැන්දක් මී පැණී තේ හැන්දක් ස මඟ පානය කිරිමට සැලැස්වේ.
🔶 මුං ඇට කුඩුකර මේස හැන්දක් මීපැණියෙන් ගත හැකිය.
🔶 නෙල්ලි, රසකිඳ යුෂ පැණියෙන් ගත හැකිවේ.
🙏 සියලු සත්වයෝ සුවපත් වේවා! 🙏 විශ්මිත හෙළ ඔසු
උපුටා ගැනීමකි..
0 comments:
Post a Comment