Song Title : Wewa Wiriya (වෙර වීරිය)
ගායනය : එඩ්වඩ් ජයකොඩි ඇතුළු පිරිස සමග චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ පිරිස
පද : මඩවල එස්. රත්නායක
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ
වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ
නර විරුවන් අපගෙ පුතේ
ඉදි කළ වැව් බලන් පුතේ
නර විරුවන් අපගෙ පුතේ
ඉදි කළ වැව් බලන් පුතේ
දෑතේ සවියෙනුයි පුතේ
ඒ මහ වැව් බැඳුනෙ පුතේ
වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ
වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ
එවන් ලෙයින් උපන් පුතේ
සුරු විරු කම් ඔබට ඇතේ
එවන් ලෙයින් උපන් පුතේ
සුරු විරු කම් ඔබට ඇතේ
දෑ උරුමය ඇතිව සිතේ
මව් බිම දෙස බලන් පුතේ
වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ
වෙර වීරිය ඇතත් සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැළෙන ගතේ
ඔබ පොළවට බරකි පුතේ
0 comments:
Post a Comment